ලංවිම විදුලි පද්ධතිය ඉන්දියාවට අමුණයි.. මුහුද යටින් ඉන්දියාවට කේබලයක්..

April 8, 2017 at 2:10 pm | lanka C news
ලංවිම විදුලි පද්ධතිය ඉන්දියාවට අමුණයි.. මුහුද යටින් ඉන්දියාවට කේබලයක්..

ඉන්දියාවේ සිට පොලොව යටින් එන කේබල් පද්ධතියක් මගින් මෙරට විදුලිබල පද්ධතිය ඉන්දිය පද්ධතියට සම්බන්ධ කිරීමට සාකච්චා ආරම්භ කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල පවසන්නේ ඉදිරි වසර පහක කාලය තුලදී ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ මෙරට පරිභෝජනයට උවමනා තරම් විදුලි නිශ්පාදනය අභියෝගයක් වී ඇති බවයි.

160 views
Main News