ලංවිම සාමාන්‍යාධිකාරී පත් කිරීමට විමල්ගේ විරෝධය.. ඔහු යුගදනවි ගිවිසුමේ සාක්‍ෂිකරුවෙක්…

January 19, 2022 at 6:20 am | lanka C news
ලංවිම සාමාන්‍යාධිකාරී පත් කිරීමට විමල්ගේ විරෝධය.. ඔහු යුගදනවි ගිවිසුමේ සාක්‍ෂිකරුවෙක්…

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නව සාමාන්‍යධිකාරිවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදායට පිටින් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙම නව සාමාන්‍යාධිකාරිවරයා යුගදනවි ගිවිසුමට අත්සන් කරන ලද සාක්ෂිකරුවෙකු බවත් ඔහුට විරුද්ධව දූෂණ චෝදනා රාශියක් දැක ඇති බවත් ඇමතිවරයා පවසයි.

මෙම පත් කිරීම සිදුකර ඇත්තේ යහපත් අරමුණකින් නොවන බව එයින්ම තේරුම් යන බවද අමාත්‍යවරයා කියා සිටියි.

විදුලිබල වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය මගින් ජනතාව අපහසුතාවයට පත් වන්නේ නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම විදුලිබල සභාපතිවරයා බාර ගත යුතු බවත් ආණ්ඩුවත් ඒ ගැන වග බලා ගත යුතු බවද ඔහු පැවසීය.

මෙවන් තක්කඩි දේවල් නොවන්න ආණ්ඩුව වැඩ කටයුතු කළ යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටී.

38,245 views

7 Comments to “ලංවිම සාමාන්‍යාධිකාරී පත් කිරීමට විමල්ගේ විරෝධය.. ඔහු යුගදනවි ගිවිසුමේ සාක්‍ෂිකරුවෙක්…”

  1. modabiyiiya says:

    තොපි සේරම එකතු වෙලා ලංකාවේ වැඩියෙන්ම හිටපු මෝඩ බයිඉයෝ අන්දලා හොරකන්න ඉඩ සලස්වා දුන්න.

    දැන් තොපිටත් කරන්න දෙයක් නෑ කියන්නේ තව සැරයක් උන්ව අන්දන්න.

  2. pissu poosa says:

    මොකෝ දැන් තුම්මුල්ල ලොක්කත් එක්ක ශේප් වෙන්නද හදන්නේ? අර කළු අවතාර(ගොටගේ ආට කසන එකා) සෙනෙවියව GM කරගෙන උ හරහා ශේප් වෙන්නද දන්නේ නෑ හදන්නේ? කළුව ඉඉට එහා හොරා …..තුම්මුල්ල ඒ බව දන්නේ නැතුව ඇථි …. මේ කොමෙන්ට් එක නම් දාන්නේ නේ ශුච්වර්

  3. උගත් හොරු says:

    මේ සාමාන්‍යධිකාරී පත් කිරීම වැරදි ඇති, නමුත් විදුලි බල මණ්ඩලය පාඩු පිට දුවනවා කියන එක ජාතික අපරාධයක්. අපි විදුලි බිල ගෙව්වේ නැත්තන් විසන්ධි කරනවා. දඩ මුදලකුත් ය කරනවා. එහෙම එකේ කොහොමද පාඩු වෙන්නේ /. මෙතැන විදුලි මාෆියාවක් තියනවා. කොටස් අටකට කඩලා පුද්ගලික අංශයට දෙන්න ඕනේ, එතකොට ලාබ ලබමින් ජනතාවට අඩුවට විදුලිය දිය හැකිලෙස නියාමනය පමණක් විදුලි බල මණ්ඩලය සිදු කලයුතුයි. විදුලිබල මණ්ඩලේ ඉන්නේ උගත් හොරු.

    • sajith පුතා says:

      විදුලිබල මණ්ඩලේ ඉන්නේ උගත් හොරු.
      සත්‍ය කථාවක් මෙතැන විතරක් නොවෙයි සෑම රාජ්‍ය ආයතනයකම 80%ක්ම හොරු. මමත් රාජ්‍ය සේවකයෙක් ඒ නිසා මම ඒක දන්නවා.

  4. වැඩ බැරි ටාසන් says:

    එහෙම නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න​

  5. John the baptice says:

    රජයේ ඉදගන කතා කරන එකෙන් වටිනාකමක් නැහැ.

  6. DON says:

    ECB should be privatized like Telecom

Main News