ලංවිම සේවක වැටුප් වැඩිකර බර පාරිභෝගිකයා මත පටවයි..

October 6, 2016 at 5:30 pm | lanka C news
ලංවිම සේවක වැටුප් වැඩිකර බර පාරිභෝගිකයා මත පටවයි..

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් වැඩිකර එහි බර පාරිභෝගිකයා පිට බර පටවන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සේවක වැටුප් වැඩිකර පාරිභෝගිකයා පිට බරපටවන විදුලිබල මංඩලය

පසුගිය මාර්තු හා අප්‍රේල් මාස වලදී විදුලි කප්පාදුවක් විදින්නට මෙරට පාරිභෝගිකයාට සිදුවුයේය. ඒ අවස්ථාවේදී විදුලි බල මණ්ඩලය පැවසුවේ අවශ්‍ය ධාරිතාවය නොමැති වීම හේතුවෙන් එවැනි තත්වයක් ඇති වු බවයි. එම අවස්ථාවේදී පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම සදහාද විදුලිබල මණ්ඩලය යෝජනා කලේය. එහෙත් ඒ තැත ව්‍යවර්ථ කළේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මැදිහත් වීමෙනි. විදුලිබල මණ්ඩලයේ හිතුවක්කාරකම් පාලනයට ආයතනයක් පැවතීම අගය කළ යුතුය. එහෙත් පාරිභෝගිකයාට නැගෙන ප්‍රශ්නය නම් විදුලිය කැපීම සදහා විදුලි ඉංජිනේරුවන් දහසක් දෙනාද තවත් නිලධාරින් 19000ක් ද සහිත විශාල රාජ්‍ය ආයතනයක් ද එය පාලනයට තවත් ආයතනයක් ද පවත්වාගෙන යා යුතුද යන්නයි. ලංකා විදුලිබල මණ්ඩලය දුර දිග බලනවානම් හදිසියේ විදුලිය ගැනීමේ අවශ්‍යතා පැන නගින්නේ නැත. දිගු කාලය ගැන බලා විදුලිබලාගාර සැළසුම්කරන්නේ නම් වැඩි මිල ගණන් වලට විදුලිය මිලදී ගැනීමට සිදුනොවන අතර ඒ වියදම මහජනතාවට පටවන්නට සිදු නොවේ. දැන් 2018 දී ද විදුලි කප්පාදුවක් කරන්නට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටි. එවැනි රහසක් කියන්න 2017 වන තුරු ඔවුන් බලාසිටියේ ඇයි ද යන්න ප්‍රශ්නයකි.  වසරක් දෙකක් තුලදී විශාල විදුලිබලාගාරයක් ගොඩනැගිය හැකි බව ඔවුන් දනී. එසේනම් 2018 සදහා අවශ්‍ය වන නව බලාගාර ඉදිකිරීම මේ වන විට නිමා කළ යුතුව තිබිණි. එසේ නොකර 2016 අග වන විට 2018 විදුලි කප්පාදුවක් සිදුකරන්නට වන බව කීම නියම සැළසුම්කරුවන්ගේ හැදියාව නොවේ.

විදුලි කප්පාදුවක් පිළිබදව කියන ගමන් විදුලිගාස්තුද ඉහල දැමිය යුතු බව  ලංකා විදුලිබල මණ්ඩලය දැන් කියා සිටී. මේ පිළිබද යෝජනාවක් තමන්ට ලැබුණු බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිළිගෙන ඇත. විදුලි බිල වැඩිකරන්නට හේතු වී ඇත්තේ ගල් අගුරු මිල ඉහල යාම බව ඔවුන් පෙන්වා දෙයි. ගල් අගුරු මිල ඉහල ගියත් මේ වසර පුරාම ඉන්ධන මිල ඉහල ගියේ නැත. ජල බලාගාර වලින්ද ප්‍රමාණවත් විදිහට විදුලිබලය ජනනය කෙරිණි. එසේ නම් පසුගිය කාලය තුල ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන්නට ඇතැයි සිතිය හැකි ය. එසේත් නැත්නම් පාඩු නැතිව දුවන්නට ඇත. එසේ තිබියදීත් මේ මාසයේ සිට ගාස්තු වැඩිවීමක් ඉල්ලුම්කරන්නට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී ඇත්තේ ඇයිදැයි යන්න බලධාරීන් විසින් පහදා දී නැත. විදුලි පාරිභෝගිකයින් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සත්‍ය වියදම දැන ගැනීමට අයිතියක් තිබිය යුතු ය. එසේ නැතිව ලංකා විදුලිබල මණ්ඩලය කලින් කලට කියන ආකාරයට හේතු කාරණා පිළිගන්නා තැනකට විදුලි පාරිභෝගිකයා තල්ලු කළ හැකි යැයි සිතන්නේනම් එය නිවැරැදි නොවේ.

මෙවර ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ රුපියල් බිලියවන 5.5කින් ආදායම වැඩිකරගැනීම සදහා වු ගාස්තු සංශෝධනයකි. මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් වැඩිකර ඇත්තේද මීට සමාන මුදලකිනි. ඒ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිතිද පෙන්වා දී ඇත. 2015 අවසානයේ සිදු වු         එම වැටුප් වැඩිවීමට ඇතැම් විදුලි වෘත්තීය සමිති එකග වුයේ නැති බව සත්‍යය. එහෙත් එම වැටුප් වැඩිවීම මේ වන විට ක්‍රියාවට නගා ඇත. ඒ සදහා එවකට විදුලිබල අමාත්‍යවරයාගේ අනුමැතියද ලබා දී ඇත. මේ වැටුප් වැඩිවීම එසේ මෙසේ වැඩිවීමක් නොවේ. එය සියයට 40කට ආසන්න වැටුප් වැඩිවීමකි. ඒ අනුව 2014 දී රුපියල් බිලියන 18ක් පමණ වු සේවක පඩිනඩි 2016 වන විට රුපියල් බිලියන 25කට ආසන්න වී ඇත. ඒ අනුව අපට සිතාගත හැක්කේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් වැඩිවීම සදහා පමණක් රුපියල් බිලියන 7ක් පමණ අවශ්‍ය වී ඇති බවයි. නව ගාස්තු සංශෝධනයෙන් මණ්ඩලය අපේක්ෂා කරන්නේ මේ බිලියන 7 සොයා ගැනීම විය හැකි ය. ඊට අමතරව මෑතකදී බිල්පත් කියවන්නන් විශාල සංඛ්‍යාවක් මණ්ඩලයට බදවා ගෙන ඇත. එක් බිල්පත් කියවන්නෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් පමණ වන බවට තොරතුරු ඇත. මේ වන විට විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව විසිදහසක් දක්වා ඉහල ගොස් තිබේ. මේ අය නඩත්තු කල යුත්තේ මෙරට දුප්පත් විදුලි පාරිභෝගිකයා විසිනි. ලංකා විදුලිබල මණ්ඩලය පමණක් නොව එය පාලනය කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමද මීට වගකිව යුතුය. මෙවැනි විශාල වැටුප් වැඩිකිරීම් හා අනවශ්‍ය සේවක පිරිස් බදවාගැනීමට ඉඩදෙමින් එම කොමිසමද විදුලි පාරිබෝගිකයා එරෙහි වී ඇත. කළ යුත්තේ විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහල දමා අනවශ්‍ය වියදම් කපාහැරීමය. එසේ නැතිව හිතුවක්කාර වියදම් පියවාගැනීම සදහා ඒ බර පාරිභෝගිකයා මත පැටවීම නොවේ.

රංජිත් විතානගේ
සභාපති

101 views

4 Comments to “ලංවිම සේවක වැටුප් වැඩිකර බර පාරිභෝගිකයා මත පටවයි..”

  1. Rohana salgado says:

    So you can bring him up FCID

  2. ලංවිම මලගම says:

    සුදුස්සන් පාරේ හිගා කන තත්වයකට ඇද දමා තිබෙන අවධියක, විදුලි බල මණ්ඩලයේ සේවා සදහා ශ්‍රි ලංකා එනජීස් ආයත්නයට අනියුක්ත මැන් පවර් 3200 ක සුදුසුකම් නොමැති හරක් රැලකට ස්ථිර පත්වීම් දීමට මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතියක් හිමි ව ඇත. ඒ සදහා උත්සවයක් 2016-10-17 වන දින සංවිධානය කර ඇති අතර අතිගරු ජනාධිපති තුමාවද මෙහිදී ඉතා සුක්ෂම අයුරින් නොමග යවා එතුමා අපකීර්තියට පත්කිරීමේ වැඩ පිළිවෙලක් ද, ක්‍රියාත්මක වී ඇත. මෙම 3200 ක හරක් බාන අතර අපොස සා.පෙ. වැඩ දෙකක් පමණක් සමත් අය 433 ක් වේ. ඔවුන්ගෙන් 1200 ක් ම රාජය සේවයේ බදවා ගැනීමේ අවම අවුරුදු ගණන වන 35 ට වඩා වැඩි වන අතර, අවු. 50 ට වැඩි අය 146ක් ද, අවු 60 ට වැඩි අය 22ක්ද වේ.

    හාස්යට බදුන් වන කරුණ නම්, මේ වන විට ලංවිමෙන් විශ්‍රාම ලබා පෙන්සන් පඩිය ගන්නා, එහෙත් කොන්ත්‍රාත්තු පදනම මත අවුරුදු 5ක් හෝ 6ක් සේවය කර ඇති වයස අවුරුදු 60 සිට 68 අතර 7 දෙනෙක් සිටින අතර, ඔවුනුන්ටත් අවු: 3ක පරිවාස කාලයකට යටත්ව ස්ථිර පත්වීම් ලබා දීම සදහා සියල්ල සුදානම් කර ගෙන යයි.

    මෙම නුසුදුසු සේවකයන් කාණ්ඩ 15 ක් සිටින අතර (උදා: රියදුරු , ලිපිකරු, විදුලි අධිකාරි, ඉංජිනේරු සහකාර, නුපුහුණු සේවක,…….) ඔවුන් සියල්ලම නව සේවා කාණ්ඩයකට අනියුක්ත කර, පරිවාස කාලය අවසන් වු විට හා නිසි සිදුසුකම් සපුරා ලු විට ( 5 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය පමණක් පාස් 800 ක් පමණ සිටින අතර, මොවුන් සුදුසුකම් සපුරාලන්නේ, ඊළග ආත්මයේදී බව, පාඨක ඔබට තේරුම් යන්නේ යැයි සිතමු) සුදුසු සේවා කාණ්ඩයකට අනියුක්ත කෙරේ.

    මේ සදහා, ගරු. රවි කරුණානායක අමාත්යය තුමා එකග නොවී තිබු අතර, ඔහුගේ නිරීක්ෂණය වුයේ, මොවුන් ලංවිම නිතය සේවයට ගතහොත්,මුළු සේවකයන් ගණන 23000ක් පමණ වන අතර, ඒ සදහා බි. 36 ක මුදලක්, ඔවුන්ගේ පඩි නඩි සහා අනෙකුත් දීමනා සදහා වැය වන බවයි. මේ සදහා දැනට ගෙවන මුදලින් 19% ක ප්‍රමාණයකින් ඉහළ යැමක් වන අතර, එම නිසා ලංවිම බංකලොත් භාවයට පත් වනු ඇති බව ඔහු සදහන් කරයි. එසේම, මැන් පවර් සේවකයින් අති විශාල ප්‍රමාණයක් අනෙකුත් රාජ්ය ආයතන වල සේවයේ සිටින අතර මෙය වැරදී පුර්වාදර්ශයක් වනු ඇති අතර, තමන්ගේ මේ සදහා එකගතාවය නොමැති බව ඔහු තරයේ ප්‍රකාශ කරයි.

    මෙය තුට්ටුවකට මායිම් නොකළ විදුලි බල අමාත්යයාංශයේ ලේකම් ආචාර්ය බටගොඩ සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා මෙම සුදුසුකම් නොමැති මෝඩයෝ පිරිස බදවා ගැනීමට අනූමැතිය ලබා දුනි. මෙහිදි, ආචාර්ය බටගොඩ මහතා, පරිසර දුෂණය උපරිම සාම්පුර් බලාගාරය නැවැත්වුවද, මෙම මෝඩ තීරණයට එළඹීමෙන් පෙනී යන්නේ, ඔහුගේ ආචාර්ය පදවිය මර්වින් සිල්වා තමන්ගෙ ආචාර්යය පදවිය ලබා ගත් උපාධි කඩයෙන් ලබා ගත් එකක් බවයි. තවද, මොහු විසින් අමාත්යය මණ්ඩලය අමු දවල් නොමග යැවීමක් කරලා තිබේ යැයි අපට හිතවත් අමාත්ය වරයෙකුගෙන් විමසු විට දැනගන්නට ලැබුණි.

    මේ සදහා ලංවිම වෘත්තිය සමිති එකමුතුව එකගතාවය පළ කර ඇති බව පෙනේ. . මෙම අලුත් සේවා ඛාංඩයේ නිර්මාතෘ වන්නේ, ජාතික හෙළ උරුමයේ වෘත්තීය සමිතිය වන විදුලි පොදු සේවක සංගමයේ සභාපති වන මාලක වික්‍රමසුරිය නැමැත්තා බව අපට ආරංචි විය. එසේම, ශ්‍රි ලංකා එනජීස් සමාගමේ නුසුදුස්සන් වෙනුවෙන් විදුලි සේවක සංගමයේ සභාපති රන්ජන් ජයලාල්ද , මීටරේ හරිහැටි කියවාගන්න නොහැකි නුසුදුස්සන් සිටිනා අයපත් කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වික්‍රමසිංහ නැමැත්තා එම ගොබ්බ රැළ වෙනුවෙන්ද පෙනී සිටින බවයි.ලංවිම ඉංජිනේරු සංගමය මෙහිදි මුනිවත රකින්නේ, ඔවුන්ගේ අසාධාරණ වැටුප් වැඩි වීම සාදාරණීකරණය කිරීමට මෙය මහගු අවස්ථාවක් වී ඇති නිසායි. සැමදා අවස්ථාවාදී ඔවුන්ගේ අදහස නම්, මෙම නුසුදුස්සන් ස්ථිර කිරිමෙන් රු. බිලියන ගනනින් පාඩු වීම ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සදහා වැය වු රු. මි.150 සමග සංසංදනය කිරීමට නොහැකි බවයි.

    ඒ තත්වය නිසා ලංවිම තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, සහෝදර සේවකයන් දෙදෙනෙක් අප වෙත පැවසුවේ, මෙන්න මෙවැනි අදහසකි.”දැන් මැන් පවර් වැඩ කරන එවුන් මාර ඔලුවෙන් ඉන්නෙ, මේ ලගදී මට එකෙක් කීවා, උඹලා පාඩම් කරලා කට්ට කාලා එන තැනටම අපි 8 පාස් වෙලා එනවා බන්. උඹට සතුටුයිද දැන්….. උඹට සතුටුයිද දැන්….කියලා. අම්මපා ඒකගේ දත් සෙට් ටික බඩට යවන්න හිතුනා, ඒත් ඉතින් 8 පාස් ගොන් බදින කනු එක්ක ඩිග්‍රි කරපු අපි වගේ එවුන් කොහොමද හැප්පෙන්නේ. මේකේ ශාපේ යන්න ඕනේ මේ දේට උල්පන්දම් දීපු වෘත්තිය සමිති ….ගේ පුතාලා යි. ඕකුං ගරු ඇමති තුමා සහා නියොජ්ය ඇමති තුමා ලාට මාර වදයක් දුන්නේ ඕක කරගන්නකන්”

    මෙම කරුණු ටික ලියනවිට මතක් උනේ, මහත්තයෙක් වගේ ජැංඩියට ඇදලා අම්මට වැදලා ඔෆිස් එකේ රස්සාවටක ‍යයි කොළඹ එන, උදේ 8 ට එම ඇදුම් උනා දමා ඉරිච්ච ගද ගහන ඇදුමක් දාගෙන රැකියාවක් නොමැතිකමෙන් තුට්ටු දෙකට මේසන් බාස් ලා ළග ගෝල වැඩේ කරණ මාගේ උපාධීධාරි සහෝදරන් ද. උදේ, 4 කනිසමට ඇහැරි, උයා පිහා බස් එකට නැගලා ගමන්ට් එකට ඇවිත්, අතේ කරගැට එනකං ජුකී මැසිං එකත් එක්ක ඔට්ටු වී, සුපර්වයිසරයගෙන් හොද ඒවා අහගන්න, සොච්චමක පඩියට වැඩ කර, හරි හැටි නොකා නොබී, තමන්ගේ දැවැද්දට සල්ලි ඉතුරු කරන මාගේ උපාධීධාරී සහෝදරියන් ද, සියළු දෙනා මතක් වන්නේ හද පිරි සංවේගයෙනී.

    ඒ වාගේම හොදට මතක තබා ගන්න, ලංවිම මාතාවද දුෂණය වන ඓතිහාසික දවස 2016-10-17 දින වන අතර, තැන පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය වේ.

    • මලලසේකර says:

      ලංකා විදුලිබල මණ්ඩලය තුල දක්ෂ ඉංජිනේරුවන් සිටී. මේ ඉංජිනේරුවන්ගෙන් වැඩගත හැකි කළමණාකරුවන් එසේ නැතිනම් ප්‍රධාන විධායක නිලධාරියෙක් වැනි අයෙකු නොමැති වීම අද ලංවිම මුහුනු පා ඇති ගැටලුවලට ප්‍රධාන හේතුවකි. එහි සාමාන්‍යාධිකාරි තනතුරට පත්වන්නේ විශ්‍රාම යන්නට ඔන්න මෙන්න කියා ඉන්නා විදුලි ඉංජිනේරුවෙකි. ඔහුට ඇත්තෙ විශ්‍රාමික සුවය පිළිබද බලාපොරොත්තුවක් මිස ලංවිමෙහි ඉදිරි අනාගතය නොවේ.

      අනෙක් කාරණය නම් විදුලිබල මණ්ඩලය හැම දේම බදාගෙන සිටීමයි. උත්පාදනයද සම්ප්‍රේශණයද මෙන්ම බෙදාහැරීමේ සිල්ලර වෙළදාමද ඇත්තෙ ඔවුන් බාරයේය. එහෙත් මේවා කරන්නේද වෙන අයයි. නැත්නම් පුද්ගලික අංශයයි. උදාහරණයක් වශයෙන් අලුත් සම්බන්ධතා සපයන්නෙ පුද්ගලික කම්පැනියක් හරහාය. ඒ වැඩය කොන්ත්‍රාත් දී ඇත්තේ ඒ කොමිපැණියටයි. රැහැන් අදින්නේ තව කොම්පැණියකි. ලයිට් කණු හදන්නේද කොම්පැණියකි. මෙරට අවසන් වරට සැදු නොරොච්චොලේ බලාගාරය හැදුවේ චීන්නුය. මහවැලි බලාගාර හැදුවේද විදේශීය සමාගම්ය. කෙරවලපිටිය හැදුවේ ද ලංවිම ඉංජිනේරුවන් නොවේ. මෑතක් වන තුරුම විදුලිබිල්පත් කියෙව්වේද මෑන් පවර් නම් සමාගමකි

      පසුගිය අප්‍රේල් මාසයේ විදුලි බල ඇනහිටීහට හේතු වුනේ සම්ප්‍රේශණ මාර්ග හා ට්‍රාන්ස්ෆෝමර්ස් නිසි ලෙස නඩත්තු කර නොතිබීමය.

      එතකොට තමන්ට අයිති වැඩ ලංවිම විසින් නොකරන බව පැහැදිලිය.

  3. MERVIN SILVA says:

    WHY Engineers rules CEB. I can rule CEB

Main News