ලංසා පසුපස තව පෝලිමක් ඇමති ධුර අතහරී… හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට..
December 19, 2017 at 10:59 pm | lanka C news
ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් නිමල් ලංසා මහතා ඉවත් වීමත් සමග තවත් කිහිප දෙනෙකු ඇමති ධුරයන් අතහැරීමේ සූදානමක සිටිතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙම පිරිස ඒකාබද්ද විපක්ෂයට එක්වන්නේද නැද්ද යන්න පැහැදිලි නැතත් ඔවුන් සිය ඇමති ධුරවලින් ඉවත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවද වාර්තාවන්හි සදහන්ය.
අද දිනයේ ඉල්ලා අස්වුණු නිමල් ලංසා මහතාද සදහන් කරන්නේ තමන් ඇමති ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ද විපක්ෂයට එක්වීමට මෙතෙක් තීරණය කර නැති බවත් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවත්ය.
මේ අතර එකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරන්නේ 21 වනදා වන විට ආණ්ඩුවේ තවත් පිරිසක් ඉවත් වනු ඇති බවයි.
නාම යෝජනා දී අවසන් වීමත් සමග පෝලිමේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද ඔහු පැවසීය.
කවුරු ගියත් මම නම් යන්නේ නැතුලු,
එහේම කිව්වේ බඩ තඩි සිරිපාලය ලු,
කලටි කාපු බලපිටියේ හාලිය ලු,
අනේ මුන්ට තවමත් හරියනවා ලු.
හරිම ජොලිය මේ ගැන හොඳ තතු අහළා,
සිරියා නිටත් දුන් තනතුර එපා වෙලා,
විගඩම තදයි ඇගේ හදවත ඇන හිටලා
ලඟදිම වෙදා හමුවිය ඇය බයවීලා
Whole Negambo area destroyed with drugs and all human sins by this man.
Why didn’t you complain when he was a deputy minister of the present Yahapalana govt?
Oya Kuddo Listeka daaapaaaan ….kohe hitiyath Chande Nodaa innna …