‘ලක්සල’ අලෙවිසැල් 50ක් ඇමරිකාව පුරා අරඹයි…

August 28, 2021 at 8:02 am | lanka C news
‘ලක්සල’ අලෙවිසැල් 50ක් ඇමරිකාව පුරා අරඹයි…

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට “ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුම අත්සන් තබයි.

ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්” ගොඩනැගීමේ සංකල්පයට ශක්තිය සපයමින් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ හඳුන්වාදීම අප සතු යුතුකම හා වගකීම වේ.

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය මත විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීමෙන් 90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ සම්බන්ධීකරණය හා දායකත්වය යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” ආයතනය හා “බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී ආයතනය ( සිලෝන් ගැලරි) යන වරලත් නියෝජිත ආයතනය සමග ව්‍යාපාරික ගිවිසුම අද (26) දින තුම්මුල්ලෙහි පිහිටි “ලක්සල” සභාපති කාර්යාලයේදී අත්සන් තැබීය.

“ලක්සල” සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ භාණ්ඩ ඇතුළුව බතික්,අත්යන්ත්‍ර,රෙදිපිළි හා ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග හා දේශීය රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදන ඇමරිකා එක්සත් ජනපදයේ “ෆ්ලොරිඩා”හි ආරම්භ කරනු ලබන එම වරලත් අලෙවිසැල මගින් ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

තවද මෙවැනි “ලක්සල” අලෙවි ප්‍රදර්ශනාගාර 50ක් ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත තුලද ස්ථාපිත කිරීමට සියළු කටයුතු සූදානම් කර අවසන්ය.එමෙන්ම “ලක්සල” නව කළමනාකාරීත්ව ව්‍යාපාරික සැලැස්ම යටතේ 2023 වසර අවසන් වීමට ප්‍රථම මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර ජපානය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය,කැනඩාව හා මැදපෙරදිග රටවල් තුළද විවෘත කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටියි.

මෙම අවස්ථාව සඳහා බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා,ලක්සල ආයතන සභාපති නීතීඳ ලක්මල් වික්‍රමආරච්චි මහතා,සිලෝන් ගැලරි වරලත් නියෝජිත ආයතන සභාපති සුදර්මා වර්ණකුලසූරිය මෙනෙවිය,එම ආයතනයේ කළමනාකරතුමන් හා ලක්සල ආයතනයෙහි කළමනාකරතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද එක් විය.

– මාධ්‍ය ලේකම්

29,930 views

21 Comments to “‘ලක්සල’ අලෙවිසැල් 50ක් ඇමරිකාව පුරා අරඹයි…”

  1. චන්ද දායක says:

    මීට කලින් කල යුතුව තිබූ දෙයක්. හොඳ හොඳම වැඩක් . මෙවා තමයි කල යුතු දේවල්. සංචාරක ව්‍යාපාරය දිහාම බලා ඉන්නවට වඩා අපි අපේ දේවල් අරගෙන ලොකය තුලට යාම . Good luck . All the best “LAKSALA. “

    • හැකහැක says:

      අපේ වෙස්මූණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තියෙනවා.
      මට ප්‍රශ්ණය මං වගේ ධනාත්මක අදහස් මෙච්චර කල් පහල නොවුනේ ඇයි කියන එක.
      අපිට වෙස්මූණ විකුනලම ගොඩ යන්න පුළුවන්.

  2. sira says:

    හම්බ කිරීමේ අලුත් මාර්ගයක් වගේ, ඇයි ඇමෙරිකාවේ විතරක්. කවුද ඕවට වියදම් දැරුවේ, කවුද වැඩ කරන්නේ?

    • Darshana abayakoon says:

      හයිවේ කන්නද අහපු කුහක JVP පාදඩයෙක්

      • sira says:

        නැ බුරුවො, 69න් එකෙක්, අපි තොපි වගේ හැම දෙකටම කඩේ යන්නේ නැහැ, වැරදි දේ වැරදියි කියල දකින්න පුරුදු වෙයන්, මි හරකෙක් නොවී.

        • Silva says:

          PUNCHI AMMA EKKA NIDIYANA EKA HONDAAAAAAI KIYALA SAMAAJA GATHA KARPU SIRALA
          INNKAN RATA HADANA EKA SIHINAYAK.

        • Darshana abayakoon says:

          මේ වගේ දෙයක් වැරදි දෙයක් විදියට දකිනවා කියන්නෙම JVP කුහක පාදඩයෙක් ම තමයි ඔබතුමා

  3. රංජිත් විජේසිංහ says:

    පරක්කු වෙලා හරි මෙ වැනි වැදගත් ක්‍රියාමාර්ගයක් ගැනිම පිලිබද සතුටුයි. මොකද දෙශිය දේවල් ජාත්‍යන්තරයට හදුන්වා දිම මගින් ලංකාවට කිර්තියක් මෙන්ම ඒ මගින් රටට විදේශ විනිමය උපයා ගැගැනීමටත් හැකී.

  4. Lakshman says:

    Ameican visa good

  5. Sunil Perera says:

    Hodadeyak agaya karanna oni.

  6. රුක්ෂාන් සිල්වා says:

    Godak sthutu wenna oni.ape deshiya nirmana karuwange nirmana me widiyata americawa wage wideshiya welada palaka dakinna labena eka gana.

  7. රුක්ෂාන් සිල්වා says:

    Godaape deshiya nirmana karuwange nirmana me widiyata americawa wage wideshiya welada palaka dakinna labena eka gana.

  8. Chthura Gunarathna says:

    Owagen danatamat kiyak withara yati madi gahanda kiyla danne nh.

  9. The Funeral Director says:

    වන්දි භටිටයින්ට හා හාල්කෑලි වලට පඩි සමග ආතල් ගැනීමට අවස්ථාව. ලක්සලට අබ සරනයි! ඇයි යකෝ ඔක්කොටම කලින් ඉහල පුමිතියේ දේශීය නිශ්පාදන සමූහයක් නිශ්පාදනය කරන්න එපැයි. පැණි වලට, දුමට , එහේ මාකටි එකක් නැහැ.

    • Darshana abayakoon says:

      ලක්සලේ තියෙන නිෂ්පාදන සහ විදේශිකයින්ගෙන් ඒවාට තිබෙන ඉල්ලුම සහ අලෙවිය ගැන නොදන්නා JVP අපතයෙක්

  10. Sagarika Alvis says:

    Lankawa kiynne little country ekk ithin lankawata meh wage wadak karanna puluwan wena ekth godak adambara wenna oni dwyak. Hoda dekadi apit ekata innawa. Wish karanawa.

Main News