ලක්සල නීති විරෝධී කොමිස් ගෙවිම අනුමැතියට කඩිමුඩියේ රැස්වීමක් අද කැදවයි

September 6, 2019 at 12:00 pm | lanka C news
ලක්සල නීති විරෝධී කොමිස් ගෙවිම අනුමැතියට කඩිමුඩියේ රැස්වීමක් අද කැදවයි

රජයේ අදායමෙන් විශාල මුදලක් කොමිස් වශයෙන් බ්‍රොකර්වරුන්ට ගෙවීමෙන් රජයේ මුදල් රෙගුලාසි එනම් මු.රේ 135, 136,137,138, සහ 139 උල්ලංඝනය කිරිම යතාවත් කිරිමට ලක්සල අද 6 වෙනිදා සවස විශේෂ මණ්ඩල රැස්වීමක් කැදවා ඇත.

අවම වශයෙන් දින 3 කට කලින් මණ්ඩල රැස්වීමක් පැවත්වෙන්නේ නම් අදාළ මණ්ඩල පත්‍රිකාව අධ්‍යයක්ෂක මණ්ඩල සමාජිකයින් අතර බෙදාහැරිම මණ්ඩල ලේකම්ගේ වගකිම වුවත් එම සම්ප්‍රදායද උල්ලංඝනය කරමින් මෙම රැස්විම පැවත්වීමට අද පස්වරුවේ සුදානම් කොට ඇත.

රාජ්‍ය ආයතනයක් සඳහා සවිස්තරාත්මකව මුදල් පරිපාටියක් හා කාර්යය පටිපාටිය නිසි ලෙස සකස් කර යෝජනා සම්මත කරගෙන නොමැති අවස්ථාවක මහා භාණ්ඩාගාර නිසි අනුමැතියෙන් තොරව මෙසේ කොමිස් මුදල් තැරැව්කරුවන් වෙත ගෙවිම මුදල් රෙගුලාසි උල්ලංඝනය වන බව පලපුරුදු රාජ්‍ය නිලධාරියෙකු ලෙස වැ.බ. කලමනාකාර අධ්‍යක්ෂක ලිඛ්තව එසේ දන්වා සිටියත් නව සභාපතිවරයා විසින් එම තත්ත්වය අවබෝධ කොට නොගෙන මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් කෝටි ගනනක් තැරැව්කරුවන්ට දීම සහ ඊට අනුබල දෙමින් මෙසේ හදිසියේ මණ්ඩල රැස්විමක් කැදවා එය යතාවත් කරගෙනිමට උත්සහ කිරිම හරහා 21/01/2016 දින පැවති මණ්ඩල රැස්වීමේදි ගනු ලැබු තීරණය උල්ලංඝනය කිරිමකි. එමෙන්ම ඊට නිසි මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කිරිම අනිකුත් රාජ්‍ය ආයතනවලට ද නරක පූර්වාදර්ශයක් වනු ඇත.

එසේ රාජ්‍ය ආයතනයක් කොමිස් ලෙස මුදලක් තුන්වන පාර්ශ්වයක් සඳහා ලබාදීම මගින් ආණ්ඩුවට පාඩු සිදු කිරීම යටතේ ඊට අනුබලදීම, පෙලබවීම, සහ සහභාගි වීම මෙන්ම කොමිස් මුදලක් ලබාදීම මෙන්ම ලබා ගැනිම දඬුවම් ලැබිය හැකි වරදකි, මේ සම්බන්ධයෙන් අල්ලස් පනතේ 20 වෙනි වගන්තිය (i) (vi) සහ (vii) ප්‍රකාරව එය වරදක් බවත්, එහි කොමිස් මුදල් තුටු පඬුරු ලෙස අර්ථකථනය කොට ඇති බවත් (අල්ලස් පනත2005 සංශෝධනය,පිටු අංක 24) සඳහන් වේ. එම වරදට අල්ලස් පනත යටතේ වසර 7 කට නොවැඩි බරපතළ වැඩ සහිතව සිරදඬුවම් හිමිවේ,

එම නිසා මෙම වරදේ බරපතළ කම තේරුම්ගෙන රාජ්‍ය මුදල් හා පරිපාලන නිසි දැනුමක් සහිතව මෙවෙනි සුවිශේෂ අවස්ථාවක් සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයාගෙන් උපදෙස් අදාළ ආයතනය විසින් ලිඛ්තව ලබාගෙන කටයුතුවල යේදීම රාජ්‍ය නිලධාරින් වන මණ්ඩල සමාජිකයින් ගේ වගකීමකි.

අල්ලස් පනත මෙතනින්

26 views

3 Comments to “ලක්සල නීති විරෝධී කොමිස් ගෙවිම අනුමැතියට කඩිමුඩියේ රැස්වීමක් අද කැදවයි”

  1. Jehan says:

    Baduddin is a rough he is doing everything he can to coverup his stealing including spices no body to complain Cid is under UNP Sira too scared of this hora media is bought by him. government officials helpless.
    He a gahapan moova aayeth amathi karapu UNP ballata. He’s collecting money again to kill some people with bombs. Baduddin should be now in jail if law prevails in this country

  2. sinha le says:

    බදුර්දින්ට මේ තනතුරු දුන් අයත් වගකිව යුතුය

    බදුර්දීන්ට භාරදීලා තියෙනවා… පාරිභෝගික අධිකාරිය, සීනි සමාගම, සතොස, ලක්සල සමූපකාර සේවක සංගමය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පේෂ කර්ම දෙපාර්තමේන්තුව, එලිෆන්ට්පාස් ලුණු ලේවාය, හිඟුරාන සීනි කම්හල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, කහටගහ මිනිරන් පතල, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය, ලංකා සිමෙන්ති සංස්ථාව, ජෙනරල් ට්‍රේඩින්, ලක්සල, ඛණිජ වැලි සංස්ථාව, මන්නායි ලුණු කර්මාන්ත ශාලාව, ලංකා රෙදි මෝල, අත්කම් සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, ජාතික සමුපකාර සංවර්ධන සමාගම, ජාතික කඩදාසි සංස්ථාව, පරන්තන් රසායනික කර්මාන්ත ආයතනය, ශ්‍රී ලංකා අත්කම් දෙපාර්තමේන්තුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අධිකාරිය, සමාගම් මැදුර, රෙදි සහ ඇඟළුම් පුහුණු මධ්‍යස්ථානය, ජාතික බුද්ධි දේපල කාර්යාලය.

    ඊට අමතරව ඉතින් නිල නොවන වශයෙන් විල්පත්තුව සහ මුලතිව්ත් භාර දීලා තියෙනවා..

  3. මූට දීල නැත්තෙ ආරක්ෂක ඇමති කමයි, අගමැටි, ජනාධිපති කමයි විතරයි වගේ..

Main News