මුදල් රෙගුලාසි උල්ලංඝනය කර කෝටි ගණන් තැරැව්කරුවන්ට දීම Cnews පුවත නිවැරැදියි..- ලක්සල MD පිලිගනී…

September 2, 2019 at 8:40 am | lanka C news
මුදල් රෙගුලාසි උල්ලංඝනය කර කෝටි ගණන් තැරැව්කරුවන්ට දීම  Cnews පුවත නිවැරැදියි..- ලක්සල MD පිලිගනී…

” ලක්සල මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රජයේ මුදල් මිලියන 87 ක් පසුගිය වසරේ තැරැව්කරුවන්ට දීලා” යන හිසින් පලවු පුවතින් ලක්සල සිදුවන රජයේ මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ලක්සල මණ්ඩල ලේකම් සහ වැ.බ. කලමනාකාර අධ්‍යක්ෂක සී. දහනායක මහතාගේ අත්සනින සහිත ලිපියක් මගින් ලක්සල වර්තමාන සභාපති මොහොමඩ් හම්සා මහතා දැනුවත් කොට ඇත.

වැ.බ. කලමනාකාර අධ්‍යක්ෂකගේ 29/08/2019 දිනැති ලිපිය මගින් දන්වා ඇත්තේ මේ වනවිටත් ලක්සල රජයේ ආයතනයක් ලෙස මුදල් රෙගුලාසි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන සංස්ථාවක් වන බවත් මණ්ඩල පත්‍රිකා අංක 44 H 5 යටතේ 21/01/2016 දින පැවති මණ්ඩල රැස්වීමේදි ගනු ලැබු තීරණයක් පරිදි එය තව දුරටත් තහවුරු කොට ඇති බවත්, “යම් රාජ්‍ය ආයතනයක් සඳහා සවිස්තරාත්මකවමුදල් පරිපාටියක් හා කාර්යය පටිපාටිය නිසි ලෙස සකස් කර යෝජනා සම්මත කරගෙන නොමැති නම් මුදල් රෙගුලාසි අදාළ බවයි”,

පලපුරුදු රාජ්‍ය නිලධාරියෙකු ලෙස වැ.බ. කලමනාකාර අධ්‍යක්ෂක ලිඛ්තව එසේ දන්වා සිටියත් නව සභාපතිවරයා විසින් එම තත්ත්වය අවබෝධ කොට නොගෙන මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් කෝටි ගනනක් තැරැව්කරුවන්ට දීම සහ ඊට අනුබල දීම හරහා 21/01/2016 දින පැවති මණ්ඩල රැස්වීමේදි ගනු ලැබු තීරණය උල්ලංඝනය කිරිමකි. එමෙන්ම ඊට නිසි මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කිරිම අනිකුත් රාජ්‍ය ආයතනවලට ද නරක පූර්වාදර්ශයක් වනු ඇත.

එසේම රාජ්‍ය මුදල් සම්බන්ධව මෙන්ම නීතිවේදී උපදේශකයකු මේ සම්බන්ධයෙන් විමසීමේදී සඳහන් කලේ ” රජයේ අදායමෙන් විශාල මුදලක් කොමිස් වශයෙන් ගෙවීම මුදල් රෙගුලාසි යටතේ මු.රේ 135, 136,137,138, සහ 139 උල්ලංඝනය කිරීමකි, මුදල් රෙගුලාසි ක්‍රියාත්මක වන සියලු රාජ්‍ය ආයතනයන් අදාළ වර්ෂයේ මුලදී අයවැය පිලියෙල කිරීමේදී ආදායමෙන් ගෙවීමට නියමිත වියදම් ඇස්තමේන්තුවක් ලෙස මහා භාණ්ඩාගාරය වෙත යොමු කොට ඊට අවශ්‍ය නිසි අනුමැතිය ලබා ගත යුතු බවයි, ”

තවද , “එසේ රාජ්‍ය ආයතනයක් කොමිස් ලෙස මුදලක් තුන්වන පාර්ශ්වයක් සඳහා ලබාදීම මගින් ආණ්ඩුවට පාඩු සිදු කිරීම යටතේ ඊට අනුබලදීම, පෙලබවීම, සහ සහභාගි වීම මෙන්ම කොමිස් මුදලක් ලබාදීම මෙන්ම ලබා ගැනිම දඬුවම් ලැබිය හැකි වරදකි.

මේ සම්බන්ධයෙන් අල්ලස් පනතේ 20 වෙනි වගන්තිය (i) (vi) සහ (vii) ප්‍රකාරව එය වරදක් බවත්, එහි කොමිස් මුදල් තුටු පඬුරු ලෙස අර්ථකථනය කොට ඇති බවත් (අල්ලස් පනත2005 සංශෝධනය,පිටු අංක 24) සඳහන් වේ. එම වරදට අල්ලස් පනත යටතේ වසර 7 කට නොවැඩි බරපතළ වැඩ සහිතව සිරදඬුවම් හිමිවේ. එම නිසා මෙම වරදේ බරපතළ කම තේරුම්ගෙන රාජ්‍ය මුදල් හා පරිපාලන නිසි දැනුමක් සහිතව මෙවෙනි සුවිශේෂ අවස්ථාවක් සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයාගෙන් උපදෙස් අදාළ ආයතනය විසින් ලිඛ්තව ලබාගෙන කටයුතුවල යේදීම රාජ්‍ය නිලධාරියෙකුගේ වගකීම බවයි. අල්ලස් පනත මෙතනින්

එමෙන්ම ලක්සල එනම් ශ්‍රීලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය පවතිනුයේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ වන අතර එහි අමාත්‍යවරයා රිශාඩ් බදුර්දීන් මහතා වන අතර ලක්සල වර්තමාන සභාපති මොහොමඩ් හම්සා මහතා ය.

– වාර්තාකරැ

65 views

5 Comments to “මුදල් රෙගුලාසි උල්ලංඝනය කර කෝටි ගණන් තැරැව්කරුවන්ට දීම Cnews පුවත නිවැරැදියි..- ලක්සල MD පිලිගනී…”

  1. Dr Ismail says:

    The Laksala handicraft boutique chain owned by the Sri Lanka Handicrafts Board is offering up to 25 per cent commission for brokers who direct local and foreign consumers violating state financial regulations, an audit inspection revealed.
    The loss incurred by Laksala last year was Rs. 85.7 million and it was around 12 per cent of the total turnover of Rs. 737 million, Finance Ministry sources revealed.
    The present management functioning under the Ministry of Industry and Commerce should obtain the Treasury approval for a large expenditure from the turnover in accordance with government Administration and Financial regulations (AR and FRs), a senior ministry official said.
    Making payments amounting to millions of rupees as commissions for Laksala brokers was a financial misappropriation and causing a massive loss to the government, he alleged.

  2. ලක්සල සුරැකීමේ සංවිධානය says:

    අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක අමප/18/1041/818/002 යටතේ 2018 ජූනි මස 23 දින ලක්සල රාජ්‍ය පෞද්ගලික අංශයේ හවුල්කාරිත්ව සංකල්පය ( PPP ) ලක්සල කොටුව වර්ග අඩි 48000 ක් පම රුපියල් බිලියනයකට වඩා වටිනා ගොඩනැගිල්ල වසර 30 ක් සඳහා ගැනුම්කරුවකු බදු දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් රේඛීය අමාත්‍යවරයා ලබා ගෙන ඇත.

  3. ගම්මන්පිල says:

    මේ වනවිට ලක්සල විශාල වශයෙන් දූෂණය වී ඇති අතර අමු අමුවේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ලක්සල විසින් කොමිස් මුදල් ලෙස රජයේ මුදල් නිත්‍යානුකූල නොවන ගේවිමක් වශයෙන් තැරැව්කරුවන වෙත ගෙවනු ලබන අතර එම සියලු ගෙවීම් අනුමත කොට ඇත්තේ දූෂිත නිලධාරියෙකු ලෙස සේවයෙන් ඉවත් කොට සිටි යහපාලන රජය යටතේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් නැවත පත්වීමක් ලැබු ලක්සල ප්‍රධාන අභ්‍යන්තර විගනකවරයා වීම මෙහි විශේෂත්වයකි. ඔහුට මේ වනවිටත් 2002 වර්ෂයේදි සිදු වූ චෙක්පත් මුදල් වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණය කොමිෂන් සභාවේ විසින් මේ වනවිටත් ආරම්භ කොට ඇත.

  4. Sun says:

    My dear friends, where is law and order of the country. All are misusing money from the top to bottom. That is why the country is not progressing. When the leaders are corrupted all under his power are doing the same without any fear. Where is law enforcing bodies to take action against such things. In a country when the law is manipulated by politicians the whole system is going to affect. Just imagine a country without law and order. It is just like a classroom without a monitor. Politicians are the same when there is no law and order just imagine what will happen to the country ultimately.

Main News