ලක්ෂමන් යාපා එපාමයි.. ඇමති කබීර් දන්වයි.. ජනපති බෑ කියයි.. ගැටුම තව ලියලයි..
June 10, 2017 at 1:20 pm | lanka C news
තම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති ධුරය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා හැර ඕනෑම අයෙකුට ලබා දෙන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා දන්වා ඇත.
මෙම ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර මේ තත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යයංශයේ රාජ්‍ය ඇමති ධුරය සම්බන්දයෙන් ඇති ගැටුම්කාරී තත්වය තවත් උත්සන්න වනු ඇතැයි වාර්තා වෙයි.