ලක්‍ෂමන් යාපා පාරේ පච කරවයි.. කාමර ටික කබීර් අල්ලාගෙන යාපා පාරේ රස්තියාදුවේ..

June 6, 2017 at 2:10 pm | lanka C news
ලක්‍ෂමන් යාපා පාරේ පච කරවයි.. කාමර ටික කබීර් අල්ලාගෙන යාපා පාරේ රස්තියාදුවේ..

මහජන ඡන්දයෙන් දරුණු ලෙස පරාජය වුවත් ජාතික ලැයිස්තුවන් පැමිණි මාතර දිස්ත්‍රික්ය නියෝජනය කල වර්තමානයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අදට ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී සතියකට වඩා කාලයක් ගෙවි ගොසිනුත් තම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමට ඉඩ පහසුකම් නොමැතිව මාතර සිට කොළඹ එමින් කොළඹ සිට මාතර යමින් මහා පාරේ කාලය ගත කරන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

මෙහිදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කබිර් හසිම් මහතා විසින් හොබවන අතර එහි රාජ්‍ය අමාත්‍ය ධූරය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාට හිමිවි ඇත. ඊට පෙර ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් වු මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරය ලක්ෂමන් යාපා අබේවර්ධන හෙබවු අතර අමාත්‍ය මාරුවෙන් පසු මුදල් අමාත්‍යාංශයන් එදිනම හෙතෙම බැහරව ගියේය.

ඒ වෙනුවෙන් පත්වු නව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වු එරාන් වික්‍රමරත්න මහතා පසුගිය සතියේදිම තම නව කාර්යාලයේ රාජකාරි ආරම්භ කරන ලදී.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත් ඉතා කිට්ටුවෙන් සිටි ලක්ෂමන් යාපා අබේවර්ධනට මේ වනවිටත් රාජකාරි කිරීමට කාර්යාලය නොමැතිව මාතර සිට කොළඹ පැමිණ නැවත මාතර ගිය බව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණි.

මේ ආකාරයෙන් ජනතාවට සහන සැලසීම කෙසේ වෙතත් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකුට අඩුම ගානේ රාජකාරි කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් වත් සපයා දීමට නොහැකි සම්මුතිවාදි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව ඇත.

එවෙනි අවස්ථාවක රටේ ඊලඟ නායකත්වයට දකුණෙන් නායකයකු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට තිබෙන ධිවර අමාත්‍යාංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ද ලබාදෙමින් එහි රාජකාරි ආරම්භ කරන උත්සවයට බිහිසුනු ගංවතුර නාය යෑම් ආපදා අස්සේ ජනාධිපතිවරයා සහභාගි වීම විශේෂත්වයකි.

24 views
Main News