ලක්ෂයක ගංජා තොගයක් සමග කාන්තාවක් දැලේ…
November 25, 2018 at 5:30 pm | lanka C news
රුපියල් ලක්ෂයකට (1,00000/-) ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමග කාන්තාවක් අද (25) පෙරවරුවේ කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 02 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
සැකකාර කාන්තාව අද (25) සවස බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්ත, එගොඩදූව, කොස්ගොඩ ලිපිනයේ පදිංචි ගාල්ලගේ චන්ද්‍රිකා නිලානි (43) නැමැති කාන්තාවයි.
කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයසිරි සිරිමාන්න මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකාරිය සමග ගංජා තොගය අත් අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය දිගු කලක සිට ගංජා ජාවාරමේ යෙදෙන බවත් තණමල්විල ප්‍රදේශයෙන් ගංජා රැගෙන විත් කුඩා මිටි බැද අලෙවි කරන බවත් කොස්ගොඩ පොලීසිය පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ. කොස්ගොඩ, එගොඩදූවේ පිහිටි සැකකාරියගේ නිවසේ කුස්සියේ දර ගොඩක් මැද ගංජා තොගය සගවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකාරියගේ 28 හැවිරිදි පුත්‍රයාද ගංජා ජාවාරමේ යෙදෙන බවට තොරතුරු ලැබී තිබෙන බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඔහු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද කොස්ගොඩ පොලීසිය කියයි.
– ජයකාන්ත ලියනගේ