ලක්‍ෂ ගණනක් ජනතාව බඩගින්නේ.. ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගත්තා..

August 25, 2021 at 3:50 pm | lanka C news
ලක්‍ෂ ගණනක් ජනතාව බඩගින්නේ.. ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගත්තා..

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගනී

නිරෝධායනය වන පවුල් සඳහා ලබාදෙමින් තිබූ රු. 10,000ක් වටිනාකමින් යුත් සහන මල්ල සීමා කොට, තෝරාගත් පිරිසකට පමණක් ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ.

– ජනතාවගේ ගෙල සිරකොට හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පලිගැනීම ආරම්භ කොට තිබේ.

– කෙටි කලකට හෝ රට වසා දමන්නැයි අප ආණ්ඩුවට බලකළේ පවත්නා බිහිසුණු කොරෝනා ව්‍යාප්තියෙන් ජීවිත බේරා ගැනීමට මිස එය ජන ජීවිත පීඩාවට පත් කිරීමට ආණ්ඩුවට දුන් බලපත්‍රයක් නොවේ.අප පුනපුනා කළ ඉල්ලීම කඩිනම් නොකර කල්මැරීමෙහි ආදීනව රටම භුක්ති විදිමින් සිටින අතර කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් රටවල් අතර ප්‍රමුඛ තැනකට අපේ රට පත්ව ඇත්තේද ඒ හිතුවක්කාරී ක්‍රියාපිලිවෙත නිසාය.

– වසා දැමූ බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හදුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ අපේ බලපෑම නිසාම ජනතාවට දෙන්නට වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම ය.

– “ජනතාවට කැපකිරීම් කරන්න”යැයි ආණ්ඩුව ඉල්ලා සිටින නමුත්,කොරෝනා උවදුර ආරම්භ වූ දවසේ සිටම ජනතාව කරනු ලබන කැපකිරීම ආණ්ඩුවට නොපෙනීම සහ නොදැනීම අදහාගත නොහැකි ය.

– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් ඉහළ දැමූ ආණ්ඩුව ය.
– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ආහාර වියදම දරාගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත්ම රටවල් 5 අතරට දමා වැටුපෙන් 66%ක් ආහාර වලට වැයකරන තැනට රට පත් කළ ආණ්ඩුව ය. ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ ධන කුවේරයන්ට බදු සහන ලබා දී මිලියන හයසීයක් රටට අහිමි කළ ආණ්ඩුව ය.

– ජනතාවට කැපකිරීම් කරන්න යැයි කියන්නේ සීනි සහ පොල්තෙල් වංචාවන් හරහා ගජමිතුරන්ට සහන ලබා දුන් ආණ්ඩුව ය.

තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත්වන රටක ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් තවත් නැත. කොරෝනා ව්‍යසනය මැද ජීවිතය සහ මරණය සමග අරගල කරන මිනිසුන්ගේ සහන මල්ලටත් සීමා දමනවානම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහාගත හැකිය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

17,656 views

52 Comments to “ලක්‍ෂ ගණනක් ජනතාව බඩගින්නේ.. ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැර ගත්තා..”

  1. nim says:

    මුන්ට නායකයෝ කියන්න පුලුවන්ද ? කට්ටියම එකතුවෙලා රටට කෙලවල දැන් බබා . කොයි ප –ත් කෙලවපු එක තමා කලේ . දැන්වත් එකතුවෙලා මේක ගොඩ දාපල්ලා

    • ජලා හුටං says:

      මේ වගේ මරි මෝඩ දේසපාලුවන්ට රට ගොඩදාගන්න හැකියාවක් දැක්මක් නෑ. කාගෙන් හරි පිනට කාලා, කවුරු හරි කියන පදයකට නටන එක තමයි මුන්ගේ වැඩේ. බලය ගන්න මිනී කඳු ගොඩගහගන්න දඟලන දැඟලිල්ල දකිනකොට අප්පිරියයි.

  2. NuwanJ says:

    උසනං සිකුරිටි මිටිනං කංකරැ කට්ටියට මෙව
    තේරැම් ගන්න බැ

    රටක් වසංගතය එක්ක අපහසුව ැඇති වෙලාවෙ
    සහන දෙන්න ඔන අර්තිිික අමාරැකම් ඇති අයට
    එ⁣හෙම කලාම තවකාලයක් අමාරැම කට්ටියට මෙ සහනයවත් දෙන්න හැකිවෙනව

  3. Aruna says:

    Pansale pin pettiyath seal thiyapu ewun Dan kiyanne kohomada ?

  4. Chan says:

    ඊලග ජන්දයක් තියන්න පුලුවන් වුනොත් මේ ගොල්ලන්ගෙ නොහැකියාවන් වලින් ගොඩයන්න ඕගොල්ලන්ටත් බැරිවෙනවා… අපි කොහොමත් ඔහෙලට ජන්දෙ දෙන්නෙ නෑ… කියව කියව ඉන්න්නනෙ නැතුව මොනව හරි කරල ජන්දයක් දෙකක් එකතු කර ගන්න බලන්න පොඩි ලමයා… 😜😜

  5. ජලා හුටං says:

    මේ ඔස්තාද් ජලා හුටං හිතාගෙන ඉන්නේ හිතේ හැටියට සල්ලි අච්චු ගහලා බෙදන්න පුළුවන් කියලයි. ජීවිතේට රස්සාවක් නොකරපු කීලිගෙන් පිනට කකා හිටපු එකෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

  6. ජුවානිස් says:

    මූට ඇත්තටම පිස්සුද?
    උපන් මෝඩයෙක්ද ?

  7. බන්ඩා says:

    අපේ රටේ විපක්ෂ නායකට තම රටේ ආර්තික සහ මූල්‍යමය තත්වය ගැන වැටහීමක් නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

Main News