ලක්‍ෂ ගණන් පාරිභෝගකයන් ලාෆ් ගෑස් සිලින්ඩරේ තැන්පතු මුදල් ආපසු ඉල්ලයි..

August 8, 2021 at 12:00 pm | lanka C news
ලක්‍ෂ ගණන් පාරිභෝගකයන් ලාෆ් ගෑස් සිලින්ඩරේ තැන්පතු මුදල් ආපසු ඉල්ලයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙයහි දැක්වෙයි.

බන්දුල ගුණවර්ධන මහතා
වෙළද හා සමූපකාර කටයුතු අමාත්‍ය
වෙළද හා සමුපකාර කටයුතු අමාත්‍යාංශය ,
කෙළඔ 02.

අමාත්‍යතුමණි

වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම

මෙරට ගෑස් පාරිභෝගිකයින් ලාෆ් ගෑස් සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදලක් තැන්පත් කරමින් අදාල ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගෙන ඇත . එහෙත් පසුගියදා අදාල සමාගම නිවේදනය කළේ තම සමාගම වෙළද පොළ වෙත ගෑස් ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බවයි. එහෙත් එහිදී අදාල සමාගම එම සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදල් තැන්පත් කරමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභොගිකයින් පිළීබදව කිසිදු සදහනක් කර නොමැත.

අදාල සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගකියින් අසාධාරණයට පත්ව ඇත. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගකියින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිළීන්ඩර නැවත සමාගම වෙත ලබාගෙන පාරිභෝගකියින් ගෘහස්ත ගෑස් සිළින්ඩර සදහා තැන්පත් කල මුදල් නැවත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභොග්කියින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිළීන්ඩරයත් ලබා ගැනීමට නොහැකි බවත් ඔබතුමාවෙත කරුණාවෙන් දැනුම් දෙමු.

තවද අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිලපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් වන බවද සදහන් කරමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

35,161 views

12 Comments to “ලක්‍ෂ ගණන් පාරිභෝගකයන් ලාෆ් ගෑස් සිලින්ඩරේ තැන්පතු මුදල් ආපසු ඉල්ලයි..”

  1. රජරට බයියා says:

    Litro could release bulk stocks to Laugh so they could fill into their Cylinders. This will soften consumers congestion temporarily until a solution is reached.

    • නාමරත්න says:

      රජරට බයියාගේ අදහස හොඳයි නමුත් මට චීන තෙරෙන්නේ නැහැ ලියන්න. ගෑස් පොදියක් නිදහස් කලත් කහපාට එකට නිල් පාට එක දුන්නත් හොදයි

  2. Citizen says:

    Why this unwanted Ha Ho ? Hand over Laugh Gas to a Chinese Investor. They have enough USD to import Gas….

  3. ගෞම් ඊයාරාජ් says:

    ගෑස් නැතිඋනාට අපිට දර ලිප් තියෙනවා , කැලේ ඔනේ තරං දර තියෙනවා ,නගරේ එවුන්ට ඔව්වා නැ , උන් එකයි ඔච්චර කෑ ගහන්නේ ගෑස් නෑ ගගා , මේ රට අපි ආපහු දෙදහස් පන්සියක් ආපස්සට ගෙනියනවා , පිටරටෙන් අරවා මෙව්වා ඔන්නෑ දරලිප් , ගොං කරත්ත ,මැටි ගෙවල් , දුණු ඊතල , කොළ අතු ඔන තරං තියෙනවා ඇදගන්න.රාජපක්ෂ උත්තමයන්ට පුලුවන් රජවරු වගේ ජීවත් වෙන්න අපිට පුලුවන් ප්‍රවේණී දාසින් වගේ එතුමන්ට සේවය කරන්න . බැරි එවුන් රට පලයව් ,අපිට අපේ උත්තමයන්ට බැලමෙහෙවර කරගෙන ජීවත් වෙන්න ඉඩ දීපියව්.

  4. Sampath says:

    We are struggling finding yellow labeld gas these days, need immediate solution for this. Present sylinder which we are using now, almost finished half of it. Can go for another two weeks. Afterthat can’t understand what to do.

  5. Darshana abayakoon says:

    ගෑස් ඉල්ලන එක සාධාරනයි හැබැයි ආර්ථික අර්බුධයක් තියෙන මේ වෙලාවේ තැම්පත් මුදල් ඉල්ලන එක වැරදියි. මේ ඉල්ලීමයි ජීවත් වෙන්න පඩි මදි කියලා ගුරුවරු කරන ඉල්ලීමයි සාධාරනයි හැබැයි මේ වෙලාව නෙවෙයි. කහ සිලින්ඩර් හිමියන්ට පුලුවන් මේ වෙලාවේ රජය අපහසු තාවයට පත් නොකර දර ලිප් වැනි විකල්ප වලට යන්න. දර ලිපේ ඉව්වම රහයි, ඒ වගේම සෞක්‍යටත් හොදයි, ඩොලර් එලියට යන්නෙත් නෑ ආදි අපේ මුතුන් මිත්තො ඉව්වේ දර ලිපේ, ඉතින් ඇයි අපිට දර ලිපට මාරු වෙන්න බැරි. ඔය 3% ජෙප්පො ඇවිස්සුවට එවට අහු වෙන් නැතුව මේ වෙලාවේ රජයට සහය දෙන්න.

    • w A jayantha says:

      කරුණාකරල කහ පාට ගැස් සිලින්ඩරයට ගැස් ලබා දීමට කටයුතු කරන්න.

  6. බයියා says:

    ඇත්ත. රටකට වෙළඳ ඇමතියෙක් ඉන්නෙ මේව්ව කලින් දැකලා කටයුතු කරන්න නේ.. ලිට්ට්‍රෝ තව අළුත් සිලින්ඩර් ඕඩර් කරනවාලු. ඒකටත් ඩොලර් යනවා නේද. ඊට නරකද රජය මැදිහත් වෙලා ලාෆ්ස් සිලින්ඩර් ටික ලිට්ටෝ එකට මිලදී ගන්න කිව්වනම්. පේන්ට් වියදම විතරයි. ලාෆ්ස් මිනිස්සුන්ගෙන් ගත්ත තැන්පත් මුදල් අඩුවැඩිය ඒකෙන් පියවගෙන සල්ලි ආපහු මිනිස්සුන්ට දෙන්න පුළුවන් ඉක්මනින්ම. එතකොට ගන්න ඕන එකා ඒ සල්ලි වලින් ලිට්ට්‍රෝ ගනියි. ආන්න එහෙමයි මනාප වැඩිකරන්නෙ බුද්ධිමත් ඇමතිතුමා !

  7. sl voice says:

    ඉතාමත් හොඳ ඉල්ලීමක්.. ගෑස් ටැංකි යේ තැන්පතු මුදල් අනිවාර්යයෙන්ම පාරිභෝගික යන්ට ලබා දීමට බන්දුල ඇමති වරයා මැදිහත් විය යුතුය.

  8. ක්‍රිමිනල් says:

    ෆේක් ගොං බෛයෙක් නැතුව , අර පුන්නක්කු ඇටනමේ එකෙක් නැද්ද හොයාගන්න ,කොවිඩ් මර්ධනය කරන්න ගිනීපිග් එකෙක් විදියට ගන්න?

  9. 3% ට බය බයියා. says:

    බලාගෙන ඉන්න මේන් කියලා දෙයි .වෑගපිටියා 🌷කියලා දන්නේ නැද්ද ?

  10. sapumal says:

    මම ගිය සෙනසුරාදා ලාෆ් එජෙන්ට් කෙනෙක්ගෙන් සිලින්ඩරයට සල්ලි ඉල්ලුව.එය කියනවා ඔයා එක සිලින්ඩරයට සල්ලි ඉල්ලනවා, අපි ලක්ෂ ගණන් යට කරලා කරන්න දෙයක් නැතුව ඉන්නවා, කියල . පස්සේ ගිය ලාෆ් සුපර් මාකට් එකකට. උන් කියනවා අපි සිලින්ඩර් විකුණලා තියෙන්නේ ඒවා ඩිපොසිට් නෙමෙයි කියල.මම කිව්වා එහෙනම් ගෑස් දෙන්න කියල.. එතකොට කියනවා අපි පාඩු වෙන්න බිස්නස් කරන්නේ නැහැ. කියලා.මම කිව්වා ගෑස් හරි සිලින්ඩරයට සල්ලි හරි දෙන්න බැරිනම් ලාෆ් වෙළද ජාලයම වහල දාපල්ලා කියලා. ඒක නේද වෙන්න ඕනේ

Main News