ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

May 6, 2020 at 4:40 pm | lanka C news
ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මාස තුනකට වඩා රැස් නොවී සිටිය නොහැකි වූ නිසා වහාම ඒ සඳහා අදාල ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයෙක් කටයුතු කළහැකි මාසයක් පමණක් බවත් පාර්ලිමේන්තුව නොමැතිව මාස තුනක් පමණක් බවත් ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම කියා සිටින්නේ පැවති පාර්ලිමේන්තු කැඳවිය යුතු බවයි.

184 views

49 Comments to “ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…”

  1. කමල් ගුණපාල says:

    3% ත් නැති කර ගන්න හදන්නේ, මුන්ට කෙලවෙලා ඉන්නේ කියල තාම තෙරුන්ගන්න බැරි හැටි. මේ මේ වෙලාවේ කෑ ගහන්නේ නැතිව කරන වැඩ වලට සහයෝගය දෙන එක තමයි තියන්නේ. අනුන්ගේ ඇද හොයන්න දැන ගත්තට වැඩක් නෑ, ඇද හොය හොයා ඉඳලම දේශපාලනය කරන්න බෑ. හොද වැඩක් දක්කම හොඳයි කියන්නත් පොඩි වරදක් දැක්කම ඒක ලොකු කරගෙන බඩ වඩා ගන්න එකෙන් වෙන්නේ අගාදෙටම යන එකයි.

  2. කමල් ගුණදාස says:

Main News