ලක් ඉතිහාසය බැබලවූ සේනාධිනායකයා හා හමුදාපතිවරයා දීර්ඝ කලකට පසු එක මතයක සිටගනී….

October 3, 2018 at 10:49 pm | lanka C news
ලක් ඉතිහාසය බැබලවූ සේනාධිනායකයා හා හමුදාපතිවරයා දීර්ඝ කලකට පසු එක මතයක සිටගනී….

කොටි සංවිධානයට එරෙහිව පැවති යුද්ධය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් තමාටද පැවසිය හැක්කේ එවකට හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා විසින් පලකළ අදහසම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යුද්ධය අවසන් සති දෙකේදී හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු හමුදාපතිවරයා රටින් පිට වූ බවත් එම කාලයේදී තමන් විසින් වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස යුද්ධයේ කටයුතු මෙහෙය වූ බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවුයෝක්හිදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජපක්‍ෂ මේ බව සඳහන් කළේය.

එම කාලයේ දී යුද්ධය අවසන් වූයේ කෙසේද සිදුවූයේ කුමක්ද කියා කුඩා දරුවන් පවා දන්නා බවත් යුද්ධය අවසන් කිරීම ගැන රටේ සියලු ජනතාව සත්‍ය තොරතුරු දන්නා බවද ඔහු පැවසීය.

ඉතා දීර්ඝ කලකට පසු එවකට මහින්ද රාජපක්ෂ මහතා සහ සරත් ෆොන්සේකා මහතා සමාන්තර අදහස් පළ කිරීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.

තිස් වසරක ත‍්‍රස්තවාදී යුද්දය අවසන් කිරීම සදහා සේනාධියකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාත් හිටපු හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතාත් අද්විතීය කාර්යන් කල බව අවිවාදිතය.

130 views
Main News