ලක් රජය කොටි මැරුවාට සමාව ගනු.. මැරුණු කොටි සොහොන් යලි හදනු.. – එකසත් ජාතීන් ලංකාවට දන්වයි..

April 3, 2017 at 3:50 pm | lanka C news
ලක් රජය කොටි මැරුවාට සමාව ගනු.. මැරුණු කොටි සොහොන් යලි හදනු.. – එකසත් ජාතීන් ලංකාවට දන්වයි..

මියගිය කොටි සැමරීමට ඉඩ දෙන ලෙසත් කොටි සුසාන භූමි යළි ස්‌ථාපිaත කරන ලෙසත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ හැර වන්නි මෙහෙයුමෙන් මියගිය පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ඥතීන්ගෙන් සමාව ඉල්ලිය යුතු බව ද හෙතෙම තවදුරටත් දන්වා තිබේ.

මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ මානව හිමිකම් කොමසාරිස්‌වරයෙක්‌ බිහිසුණු ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ වූ කොටි සංවිධානය වෙනුවෙන් රජයකින් ඉල්ලීමක්‌ කළ මුල් වතාව මෙයයි.

මෙම ඉල්ලීම් ශ්‍රී ලංකා රජයේ සංහිඳියා බළකා වාර්තාවේ නිර්දේශ වන අතර එම වාර්තාව එම බළකායේ ලේකම් පාක්‍යසෝති සරවනමුත්තු විසින් ජාත්‍යන්තරකරණය කර තිබිණි.

මේ වාර්තාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

එම වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක්‌ ලෙස කොටි මහවිරුවන් හෙවත් මියගිය ත්‍රස්‌තයන් සිහි කිරීමට ඉඩ දිය යුතු බව දන්වා තිබිණි.

ලොව කිසිම රටක්‌ ත්‍රස්‌තවාදීන් සැමරීමට හා ත්‍රස්‌තවාදීන්ගේ සුසාන භූමි පවත්වාගෙන යැමට ඉඩ දී නැත.

කීර්ති වර්ණකුලසූරිය
– දිවයින

187 views
Main News