ලකුණ ගැන ප‍්‍රශ්ණය විසදෙයි… ශ‍්‍රිලනිල-පොහොට්ටු සාකච්චා මේ සතියේ අවසන්..

September 28, 2019 at 4:40 pm | lanka C news
ලකුණ ගැන ප‍්‍රශ්ණය විසදෙයි… ශ‍්‍රිලනිල-පොහොට්ටු සාකච්චා මේ සතියේ අවසන්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවත්වන සාකච්චා ඉදිරි සතිය තුළ සුබවාදීව අවසන් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

දෙපාර්ශ්වය අතර තිබූ මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නය මේ වන විට අවසන්ව ඇතැයි ද පැවසූ ඔහු සාකච්ඡාවට පවතින්නේ අවසන් අදරේ බවද පැවසීය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

41 views

6 Comments to “ලකුණ ගැන ප‍්‍රශ්ණය විසදෙයි… ශ‍්‍රිලනිල-පොහොට්ටු සාකච්චා මේ සතියේ අවසන්..”

  1. පච්ච කෙටූ 77 අලියගෙන් පොහොට්ටුවට ආවා.. says:

    මම ඊයේ ලංකාවේ ඉඳලා දැනට මම ඉගෙන ගන්න සුද්දගෙ රටට ආවා ( ලොකු කමට නොවේ මේ කියන්නේ- හදවත් පිලිබඳ විශේශඥ විභාගය) මගේ අල්ලපු සීට් එකේ ඉඳගෙන ආවේ මේ රටේ පදිංචි සුද්දෙක්…! මාස තුනකට වරක් ලංකාවට යන මේ සුද්දා කියපු කතාව අහලා මටම පුදුම හිතුනා සිංහල මමවත් ඒ විදියට හිතන්නේ නැත්තේ ඇයි කියල ?? අවුරුදු දොලහක සිට නිතරම ලංකාවට යන එන සුද්දෙක්!! සිංහල භාෂාවත් කතාකරන්න පුලුවන්… ටීවී එකේ මේ දිනවල යන දේශපාලන කතා ඇහුවම මට හරිම හරිම දුකයි සුද්දා කිවුවා! ලස්සනට තිබුන රට අද කැතම වෙලා… කුනු හැමතැනම.. මත්කුඩු…ගනිකාවො…ගෑනු ලමයි හවසට සිගරට් බිබී බියර් බොන විදිය දැක්කම මට පුදුම හිතුනා.. එදා ලංකාව නොවේ අද දකින්නේ…!! කොළඹ අයට මම සිංහලෙන් කතාකලාම මට රවලා බලලා උත්තර දෙන්නේ තරහින්– හිතුවද අපිට ඉංග්‍රීසි බැභැ කියල–…
    වේදිකාවෙ ගෝටාබය කියන කෙනාගේ කතා හරිම අර්තවත්… හොඳ දර්ශනයක් තියනවා.. ඒවගේම එයාට පිටරට ඇමරිකන් ජීවිතයේ අත්දැකීම් තියනවා.. ඒ තුලින් එයා බලනවා රටට අලුත් දෙයක් කොහොමද ලබා දෙන්නේ ඉගෙන ගන්න ඕගොල්ලො වගේ ලමයිට කියලා.. ඒ කතාවලින් මට තේරුනේ තමන්ගේ වාසියට නොවේ රටේම වෙසෙන හැමදෙනා ගැනම හිතල කිව්වා කියල..! වෙන කිසිම කෙනෙක් රටේ දියුනුව ගැන හිතලා කතා කලේ නැහැ ඒ අය කතාකලේ පක්‍ෂය බේරා ගන්න කතා ඒයාලගෙ වාසියට ඇර.. ( නිතරම යන එන පිටරැටියෙක් හැටියට මට ඒක තේරුනා )
    ගෝටබයට පුලුවනි ඇමරිකාවට වෙලා සැපට ඉන්න… ඒත් රටට යම්දෙයක් කරන්න ඕනි නිසා නේද රට ගැන හිතල රට දියුනු කරන්න කැපවෙල ඉන්නේ… මිනිස්සු රට ගැනම හිතල එයාට චන්දය දුන්නොත් මුලු රටම ගොඩ !!! ඒක හොඳටම මට විශ්වාසයි..! ඒක ඕගලන්ගෙ කතිරයෙන්ම එංගලන්තයටත්…ඇමරිකාවටත් පෙන්වන්න..!
    ඒක තදින්ම තේරුම් ගත්ත මම සුද්දට අතට අත දීලා පච්ච කෙටූ 77 අලියගෙන් පොහොට්ටුවට ආවා…

    • sathya says:

      Eka goo suddek. Molayak thiyenawa nam Ugath kamak nathi Gota gana hondak kiyanna puluwanda?
      Minee maru Noogath MOdayek

      • එච් අයි වී මම says:

        මත්කුඩු…ගනිකාවො…ගෑනු ලමයි හවසට සිගරට් බිබී බියර් බොන විදිය දැක්කම මට පුදුම හිතුනා කියපු තැන හිටපු ගංජා බට්ටෙක් වෙන්න ඇති මූත්…
        මුගෙ ඇඟේ හවස හයෙන් පස්සේ මත්කුඩ්ඩෙන් වෙන්න ඇති ලේ දුවන්නේ !! එච් අයි වී නොවෙමි මම..

  2. Nilambara says:

    රටට ප්‍රතිපත්තිමය දැක්ම ක් ගෝඨාභය විසින් ඉදිරිපත් කරන බව පැහැදිලි ය.

  3. Nilambara says:

    රටට ප්‍රතිපත්තිමය දැක්ම ක් ගෝඨාභය විසින් ඉදිරිපත් කරන බුද්ධිමත් ජනතාව එය පිළිගනු ඇතැයි විශ්වාස කරමු.

  4. පච්ච කෙටු අත…. පහු ගිය වසර හතර හමාර තුළ මේ රට තුළ සිදු වූ දේ දකිමින් හෝ නිදා සිට එකවර ම අවදි වී 77 තේ අලියා යැයි තමන්ම හඳුන්වා දෙන මේ පිංවතාගේ දෑසේ කර ගැට ඉවත් කර තිබෙන්නේ සුද්දෙක් ලු! අපිට බැරිද ඒ කියන සුද්දාගේ පුරවැසිකමට ඔය කියන 77 අලියා ගේ පුරවැසිකම හුවමාරු කර ගන්න!!

Main News