ලකුණ හොද නෑ කියමින් ගෝටභායට සහාය නොදුන්නොත් ශ‍්‍රීලනිපයට කුණු බක්කිය තෝරගන්නැයි දන්වයි..

September 10, 2019 at 11:20 am | lanka C news
ලකුණ හොද නෑ කියමින් ගෝටභායට සහාය නොදුන්නොත් ශ‍්‍රීලනිපයට කුණු බක්කිය තෝරගන්නැයි දන්වයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උතය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ශ්‍රිලනිප විසින් ගෝඨාභය මැතිතුමාට සහය ලබා දීමට නම් එතුමා පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණකින් තරග කළ යුතු බවට කොන්දේසියක් ගෙනා බව මා මිත්‍ර දයාසිරි ජයසේකර මැතිතුමා පවසනවා. ඇත්තෙන්ම රට මෙතරම් දරුණු අරබූදයක හිර වී සිටින විට දයාසිරි මන්ත්‍රිතුමා ලකුණක එල්ලී සිටීම ගැන අපි කම්පා වෙනවා. දේශප්‍රේමි පුළුල්තම සංධානය ගොඩ නැගීමේ වෑයම ලකුණක සිර කරන්න එපා කියලා අපි ශ්‍රිලනිපයෙන් ඉල්ලා සිටිනවා.

අපේ රටේ අද ජාතික ආරක්ෂාව බිංදුවට වැටිලා. ආරථිකය කඩා වැටිලා. මැතිවරණ පවත්වන්නේ නෑ. මහ බැංකුවේ සිට සෑම රාජ්‍ය ආයතනයක්ම දේශපාලකයෝ සහ ඔවුන් පත්කරගත් නිලධාරින් එකතු වෙලා මංකොල්ල කනවා. ජාතික සම්පත් කුණු කොල්ලයට නොරටුන්ට විකුණනවා. මේ මහ විනාශයෙන් රට බේරා ගන්න කියලා ජනතාව හඩා වැටෙනවා. මේ අතරේ දයාසිරි මන්ත්‍රිතුමා ලකුණක් ගැන කතා කරනවා. අද අපි කතා කළ යුත්තේ ලකුණක් ගැන ද එහෙම නැතිනම් රට බේරා ගන්න කළ යුතු දේ ගැන ද?

දයාසිරි මන්ත්‍රිතුමා පොහොට්ටුව ලකුණට එරෙහිව ඉදිරිපත් කරන තර්ක ඇත්තෙන්ම විහිළු සහගතයි. මුස්ලිම් විරෝධි නායකයෙක් විදිහට හැදින්වෙන නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ ඡන්ද ලකුණ පොහොට්ටුවට සමීප නිසා මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට ගන්න බැරිලු. එතකොට 2015 දී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෝදි කබාය ඇඳගෙන මුස්ලිම් ඡන්ද බුරුතු පිටින් ගත්තේ කොහොමද කියන එක දයාසිරි මන්ත්‍රිතුමා අපට පැහැදිලි කළ යුතුයි.

පොහොට්ටුව ලකුණ දරණ පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. අනෙකුත් පක්ෂ වලට තිබෙන්නේ ඒ අපේක්ෂකයාට සහය දෙනවා ද නැද්ද කියා තීරණය කිරීමටයි. එක්කෝ වෙනත් පක්ෂවලට සහය දෙන්න පුළුවන්. නැති නම් තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්න පුලුවන්. එහෙම හැරුණුකොට ඔබේ ලකුණ වෙනස්කරන්න, මුහුණ වෙනස් කරන්න, අදින ඇදුම වෙනස් කරන්න කියමින් කොන්දේසි දැමීමේ අයිතියක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවර මැතිවරණයට ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්ෂකයා ලෙස අපි දකින බැවින් අපි එතුමාට සහය දක්වන්න තීරණය කළා. ශ්‍රිලනිපයත් ඒ තීරණය ගන්නේ නැතුව නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයමින් සිටියොත් ඉතිහාසයේ කුණු බක්කියට ඇදගෙන වැටෙනවා.

ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය ජයග්‍රහණයෙන් පසු කිසිම වැදගත්කමක් නෑ. දැන් ජනාධිපති සිරිසේන මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ හංසයා ලකුණෙන්. ඒකයි කියලා ඒ පක්ෂයට දැන් ජනාධිපති පාලනය කරන්න පුළුවන් ද? බෑ. ඒ නිසා ජනාධිපතිවරනයකදී පක්ෂයවත් ලකුණවත් කිසිසේත්ම වැදගත් නැ. වැදගත් වන්නේ පුද්ගලයා, පුද්ගලයා, හා පුද්ගලයාම පමණයි. ඒ වගේම ප්‍රතිපත්තිත් වැදගත් වෙනවා. අනෙකුත් මැතිවරණ වල දී නම් තරග කරන පක්ෂය හරිම වැදගත්. ඒ නිසා ඉදිරි මැතිවරණ වලට තරග කරන්න ඕනෑ සංධානයක් හරහා පොදු ලකුණකින් කියන ස්ථාවරයේ අපිත් ඉන්නවා. ඒ නිසා ජනාධිපතිවරණයේ දී ජාතික අපේක්ෂක ගෝඨාභය මැතිතුමාට සහය දීලා ඉදිරි මැතිවරණ සංධානයකින් තරග කරමු කියලා අපි යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල

41,540 Viewers

9 Comments to “ලකුණ හොද නෑ කියමින් ගෝටභායට සහාය නොදුන්නොත් ශ‍්‍රීලනිපයට කුණු බක්කිය තෝරගන්නැයි දන්වයි..”

  1. Sadda says:

    ඉදිරියේ හමන දේශපාලන මහා චන්ඩ මරුතයෙන් ශ්‍රීලනීපය නමැති මහා වෘක්ශය ඇද වැටෙනවා. දයාසිරි නැමැති කාක්කන්ට ලගින්න තැනක් හදාගන්න එයා ට්‍රයි කරන්නේ. එයාට රට බල්ලට ගියත් කමක් නෑ. බල්ලොත් එක්ක ලැගලත් පුරුදු මිනිහනේ.

  2. Rata Wenuwen says:

    බෙනේ රිලවාගේ අලුත්ම ලාන්චනය බෝල දෙකයි බස්තමයි

  3. Banda says:

    Pohottuwen pohottuwa lakunen enna. Ekata witharai chande denne. Eka ekata janadipathi kamai, agamathi kamai, kathanayaka kama thagi denna neanemi api gotata chande denne. Konda pana athuwa eka eka adili kenehili nathuwa eka gammata anduwak geniyanna api chande denne.

  4. එක්නැලිගොඩ says:

    මෙක තමයි ඇත්ත. රටට කෙලවෙද්දි රිලාසිරි තව ලකුණක් හොයනවා.

  5. Samarapala says:

    ඒ දවස් වල නක්‍ෂත්‍රකරුවන් ශ්‍රීලනිපයට ආයුෂ අවුරුදු 68 කියා මැතිනියට කියල තිබුන. හැබැයි එතුමිය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති පක්ෂය හදපු දවසෙම ඉපදුන එකෙක් ඒකෙ මාරය වෙයි කියල.

  6. වැඩ්ඩා says:

    රිලව එන්නෙ බෙනේටමනෙ

  7. rilawa says:

    dayasiri slfp eka puluwan tharam madawala madawala sajiyata chanseka labunoth patas gala unp ekata paninawa.

  8. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    දයාසිරි ලකුණ ගැන කචල් දාලා, ඔක්කොම අවුල් කරලා අන්තිමට එජාපයට හේත්තු වෙන්නයි හදන්නේ. සිරිසේන හදන්නේ සජිත්ව ජනාධිපති කරලා මිනිහ අගමැති වෙන්නයි. ඔය සෙට් එක හිතන් ඉන්න ඒවා කරන්න දැන් කරන්න බැරි වෙනවා. මොකද 2015 ජනවාරි 8 රැවටිච්ච මිනිස්සු ආයිත් ගොනාට අන්ඳන්න අමාරුයි.

  9. Desha diyani says:

    Rata bera ganerme awasana awasthawe 2015 pawadeema nawatha wakkrakarayen karannata epa mahathune.

Main News