‘ලගම පාසල හොදම පාසල’ ලොක්කෙක් ISIS ප්‍රචාරණයේ.. අත්අඩංගුවට ගනී.. අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලටත් සීල් තබයි…

May 7, 2019 at 2:10 pm | lanka C news
‘ලගම පාසල හොදම පාසල’ ලොක්කෙක් ISIS ප්‍රචාරණයේ.. අත්අඩංගුවට ගනී.. අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලටත් සීල් තබයි…

අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත.

පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් අයි.එස්. ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙගන ඇත්තේ සෙනසුරාදා (04)ය.

මොහු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අයි.එස්.අයි.එස් මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දන්වා එපා ඇත. මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂවරයා සමග ගන්දර පදිංචි ෂේෂාත් මොහොමඩ් නමැති අයකුද අත්අඩංගුවට ගෙන ඇත.

සහකාර අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ හත්වැනි මහලේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් කාර්යාලය තුළ නිලධාරීන් දසදෙනෙකු පමණ සේවය කරන අතර, ඒම කාර්යාලයට ඊයේ (06) පොලීසිය පැමිණ සීල් තබා ඇත.

මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂකවරයා තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා / ගයෂාන් විතානආරච්චි
– aruna.lk

74 views

6 Comments to “‘ලගම පාසල හොදම පාසල’ ලොක්කෙක් ISIS ප්‍රචාරණයේ.. අත්අඩංගුවට ගනී.. අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලටත් සීල් තබයි…”

  1. Citizen says:

    Send them to Batalanda for detail interrogation as did in 1987/88 by a white van.

  2. vidya says:

    නහය යටම තවත් ඇති කොල්ලනේ හොයාපල්ලා.

  3. පොඩි මෑන් says:

    ලඟම ත්‍රස්තයා හොඳම ත්‍රස්තයා කියල කවුරුවත් කියල නැහැ නේද? එත් ඒක කාට හරි ගැලපෙනවද මන්දා.

  4. sathya says:

    Ohoma Yan……………………..
    Well done!

  5. Podda says:

    Any terrorists who taken in to custudy surely will release as per the above order next day. This is what Cardinal always complaining about

  6. dinesh,fernando says:

    ape lankawe ochchara praharayata mulu karanawa Gotabaiia Rajapakse thamai u thamai NTJ ekata salli dheela demala Catholic minissunwa marapang kiyala order dheela salli dheela patangaththe!!!

Main News