ලතීෆ් එම තනතුරට පත් කලේ අපයි.. මාකදුරේ මධුෂ් ඇල්ලීම අපේ වැඩක්..

February 8, 2019 at 1:20 pm | lanka C news
ලතීෆ් එම තනතුරට පත් කලේ අපයි.. මාකදුරේ මධුෂ් ඇල්ලීම අපේ වැඩක්..

බලාපොරොත්තු නොවන අභියෝග ජය ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමෙන් ඉලක්කය ජයගත හැකි බව සහ එවැනි අභියෝග ජයගැනීම සඳහා තරුණ පරපුරක් ගොඩනැගීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීම තුලින් රටේ ආර්ථික සහ ලෝකය දිනන්න හැකිබව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී,වරාය හා නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා මොරවක ජාතික පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී සභාව අමතමින් පැවසීය.

වැඩිදුරටත් පාසල් සිසුන් ඇමතු ඒ මහතා,

අපි බලාපොරොත්තු නොවන අභියෝග අපට ජීවිතයේදී මුහුණ දෙන්න සිද්ද වෙනවා.මත් ද්‍රව්‍ය උවදුර අපේ පාසලට රිංගන්න පටන්ගෙන තියෙනවා.මත් ද්‍රව්‍ය උවදුරට එරෙහිව අපි දීර්ඝ කාලයක සිට සටන් කරනවා.ඒ සටන අපි වේගවත් කළා මීට වසර දෙකකට තුනකට පමණ ඉහතදී ශ්‍රී ලංකා පොලිසිය තුල සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය දිසාව බිහිකරලා.ඒ කාර්යයට උපකාර වෙන්න අපි විශේෂ කාර්යය බලකායත් අනියුක්ත කරගත්තා.කාර්ය භාර නිලධාරියා විදියට විශේෂ කාර්ය බලකා භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස් පති ලතීෆ් මහතා පත්කලා.ඒ වෙලාවේ ඒ වැඩ කටයුත්තට හිටිය හොඳම නිලධාරියා නිසා එතුමා පත් කළා.පොලිසිය නිර්දේශපාලනය කරන්න ගත්තා.ජනතාවට සාධාරණය ඉටු කරගන්න පුළුවන් වෙන්න  හැම අවස්ථාවකදීම.ඒ විතරක් නෙමෙයි නිලධාරියට රාජකාරිය කරන්න,බාධා,ඇඟිලි ගැසීම් නැතිකරන්න.ඒ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වුනේ රාජකාරිය හරියට කරයි කියලා.ඊට අමතරව පුහුණුව වැඩි කළා.ඔබ ක්‍රීඩාවට පුහුණු වෙනවා වගේම  නිතර පුහුණුවීම්වල නිරත වුනා.ඒ සියල්ල කලේ ඉලක්කයක් කරා යන්න.ඒ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කරන්න  හොඳ කණ්ඩායමක් හදන්න.අද එහි ප්‍රතිපල තියෙනවා.අපේ රටේ  මත්ද්‍රව්‍ය උවදුරට සාධකයක් වෙලා තිබුනු ඒ මදුෂ් ආදී කිහිපදෙනෙක් අරාබි එක්සත් රාජධානියේ ඉන්නකොට අත්අඩංගුවට පත්වෙලා තියෙනවා.

අවුරුදු දෙකක් තිස්සේ කරපු මෙහෙයුමකින් පස්සේ.මේ හැම දෙයකින් පේන්නේ පුහුණුව දෛර්යය,ඉවසීම කැපවීම.ඒ වැඩ කටයුත්ත කරන්න ඉහලින්ම කාවීමෙන් ප්‍රතිපල ගන්න පුළුවන් කියලා.ඒ ප්‍රතිපල ගන්න තමයි අපි මුල ඉඳලා අපේ දරු පරපුර පුහුණු කරන්න ඕන.

අපිට අභියෝග එනවා ඉස්සරහට. රටක් වශයෙන් ඉදිරියට යන්න ඕන.ආර්ථික වශයෙන් දියුණු වෙන්න.අපි පුරුදු වෙනවා දිනෙන් දින ආර්ථික තලය දියුණු කරන්න.ලෝකය දිනන්න වෙළඳාම දියුණු කරන්න ඕන.ඒ අභියෝග ජයගන්න හොඳ තරුණ පරපුරක් හදන්න ඕන.පාසල් මට්ටමේ සිට.ඒ වැඩකටයුතු කරන්න අපේ පාසල් අධ්‍යාපනය තව තව අපි සකස් කරන්න ඕන.ඊට පස්සේ තියෙන තාක්ෂණ අධ්‍යනය සකස් කරන්න ඕන.ඒ වගේම උසස් අධ්‍යාපන ක්‍රමයත් සකස් කරන්න ඕන.අවශ්‍ය විදියට කාලයට හැඩ ගැහෙන්න.ඒ කටයුතු වලදී අපිට සිසු දරු දැරියන්ගේ සහයෝගය ඕන වෙනවා.ඉදිරියට යන්න ඕන.එකට අවශ්‍ය යුධ වලින් සන්නද්ධ වෙන්න ඕන.ඉංග්‍රීසි භාෂාව වගේ හැකියාව අපි වර්ධනය කරගන්න ඕන.ක්‍රීඩාව තුලින් විනය වර්ධනය කරගන්න ඕන.තාක්ෂණ දැනුම වර්ධනය කරගන්න ඕන.අපි දැනගන්න ඕන විශ්ව විද්යාල අධ්‍යාපනය තුලින් ඉදිරියට යන්න.ඒ කැපවීම දරුවන් මෙන්ම දෙමාපියන් තුලත් තියෙන්න ඕන.දරුවන් හැටියට ඔබට වගකීමක් තියෙනවා.ඒ වගකීම හරියාකාරව ඉටු කරන්න.

– ප්‍රියංක ගමගේ

128 views

16 Comments to “ලතීෆ් එම තනතුරට පත් කලේ අපයි.. මාකදුරේ මධුෂ් ඇල්ලීම අපේ වැඩක්..”

  1. ඇත්තමද සර්.අපේ වැඩක්.. says:

    ඇත්තමද සර්.අපේ වැඩක්.. මාකදුරේ මධුෂ්ගේ ඇල්ලුවෙත් මදුස් කියන්නේ අපි එයාටත් අල්ලලා තියෙන්නේ කියලලු.. ඩුබායි පොලීස් බම්බු ගහද්දි…

  2. අපි මොකද නොදන්නේ සර්...බැරිද අම්මටවත් කියල මහේන්ද්‍රන් අල්ලන්න..කාටද නම්බු? says:

    අපි මොකද නොදන්නේ සර්…බැරිද අම්මටවත් කියල මහේන්ද්‍රන් අල්ලන්න..කාටද නම්බු? බම්බු තමා.

  3. Ranjith(SPRRW) says:

    No dhoing. Getting others money into his pocket !!! Typical politician

Main News