ලන්ච් ෂීට් තහනමෙන් බත් පාර්සල් මිල ඉහල දැමේ…
September 2, 2017 at 8:40 am | lanka C news
ඊයේ දිනයේ සිට ලන්ච් ෂීට් තහනම් කිරීම හේතුවෙන් රුපියල් 10කින් බත් පාර්සලයක මිල ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ලන්ච් ෂිට් වෙනුවට යෝජනා කර ඇති විකල්ප ද්‍රව්‍ය සදහා වැඩි මුදලක් වැයවන නිසා මෙසේ මිල ඉහද දැමීමට සිදුවන බව සංවිධානයේ ජාතික සංවිධායක අසේල සම්පත් සදහන් කරයි.
වහා මේ සම්බන්ධයෙන් බලධාරීන් මැදිහත් වී කටයුතු නොකලහොත් මෙම මිල වැඩි කිරීම ස්ථිරවම සිදු කිරීමට වන බවද ඔහු සදහන් කලේය.