‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි..

January 11, 2020 at 8:40 am | lanka C news
‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි..

පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක් (Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය.

රත්නපුර, ගෝනකුඹුර පදිංචි ඇය මේ වනවිටත් සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින්නියකි.

‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් සේම ආහාර රැගෙන යන ප්ලාස්ටික් බදුනට ද ආදේශකයක් ලෙස ඇයගේ මෙම පහසු ආහාර අසුරනය යොදාගත හැකිය.

තරුෂි විදුෂිකාගේ නව නිපැයුම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනු ලබන ‘සහසක් නිමැයුම් 2018‘ තරගාවලියේදී රන් පදක්කමත් සහ 2019 කොරියානු තරුණ ඔලිම්පියාඞ් තරගාවලියේදී රිදී පදක්කමක් ද දිනාගෙන ඇත. ‘ආහාර රැගෙන යන බදුනට සහ ලන්ච් ෂීට් එකට ආදේශකයක්’ වන අයගේ පරිසර හිතකාමි නව නිෂ්පාදනය දින 90ක කාලයක් සඳහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 200.00 කි.

පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු පිරිස් වෙත මෙම නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව මෙහිදී ඇයට සුබ පතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

– මාධ්‍ය ඒකකය

31,237 Viewers

11 Comments to “‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි..”

  1. අනේ අපොයි says:

    නංගි ඔයා දන්නැද්ද , මේ ලංකාව නේ . ඕව මෙහෙට හරියන්නෙ නැහැ . රට පොරිජින් එව්ව (ඕන ජරාවක් ) විතරයි මෙහේ ගන්නේ .

  2. Manel says:

    ධෛර්යයමත්ව කරගෙන යන්න. දැන්වත් අපේ දේ අගයමු. පරිසරය ගැන හිතමු. දුවට බුදු සරණයි.

  3. RS says:

    Daruwo obala subapatum. Obala waniaya ratata awasyama kalayak. Obata jaya. Ratata sawbhagya.

  4. john says:

    Offer this item at the popular supermarkets on a trial basis. so that consumers can try it.

  5. Sun says:

    It is good to introduce such things such things and encourage local products to the people to minimise environmental harm to the country my dear friends. Go ahead and look for other things to introduce and design. Use your brain and develop such things rather than importing everything. Well done.

  6. Ravana Parapura says:

    රාවන බලය නැවත ලෝකයට පෙන්වමු ජය ශ්‍රී

  7. Poda says:

    දක්ෂ කම බලා අත දීම අවංක රජයක යුතකමක්

  8. Buruputha says:

    මේ දිරිය දියනියට උපකාර කරන්න විමල් ඇමැති තුමෙනි .

  9. Third Party says:

    First comment Eka Dala Thiyenne Ela Harakek.

  10. Abba says:

    Dear Minister, Pl. help her to put it in the market.

  11. Malvila says:

    තෙරුවන් සරණයි…!

Main News