ලන්ඩනයේදී කොටි බයභීත කල රණවිරුවා වෙනුවෙන් ජනපති පෙරට.. සියළු ගෞරව සහිතව සේවයේ යලි පිහිටුවයි.. හමුදාපතිත් ඔහු වෙනුවෙන්..

February 7, 2018 at 12:00 pm | lanka C news
ලන්ඩනයේදී කොටි බයභීත කල රණවිරුවා වෙනුවෙන් ජනපති පෙරට.. සියළු ගෞරව සහිතව සේවයේ යලි පිහිටුවයි.. හමුදාපතිත් ඔහු වෙනුවෙන්..

ලන්ඩනයේ පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදුනු කොටි හිදවාදීන්ට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ එහි ආරක්‍ෂක උපදේශක බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා වහා පෙර පිරිදිම සේවයේ පිහිටුවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් මෙසේ නියෝග කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔහුගේ සේවය අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කර පැය කිහිපයක් ගතවන විටයි.

ජනාදිපතිවරයාගේ නියෝගය අනුව බි‍්‍රගේඩියර්වරයා විසින් දරන ලද සියලු වගකීම් ඒ ආකාරයෙන්ම ලැබෙනු ඇති අතර සුපුරුදු පරිදි සේවයේ යෙදීමටද හැකිය.

කෙසේ වෙතත් සිදුවීම ගැන විදේශ කටයුතු අාමාත්‍යංශය විසින් පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිත අතර එහි වාර්තාව මත යුධ හමුදාව පරීක්ෂණයක් කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට නියමිතය.

මේ අතර යුද හමුදැාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරන්නේ සමාජ ජාලාවල වීඩියෝවක් පල වූ පමණින් හමුදා නිලධාරීන්ව තනතුරවලින් ඉවත් නොකන බවයි.

111 views

67 Comments to “ලන්ඩනයේදී කොටි බයභීත කල රණවිරුවා වෙනුවෙන් ජනපති පෙරට.. සියළු ගෞරව සහිතව සේවයේ යලි පිහිටුවයි.. හමුදාපතිත් ඔහු වෙනුවෙන්..”

  1. අන්දරේ says:

    මටනම් හරිම ෂුවර් රාජපස්ස අන්කල් සහ රනිල් අන්කල් දැන් ගජ යාලුවෝ වෙලා, ඇමරිකාවේ සපෝට් එකත් අරං සිරිසේන උන්නැහේව එලවන්න තමයි ලෑස්ති. අපේ ලංකාව පගා නැතුව රන් කරන්න හිතුවා මදි. පගා නැත්නම් සංවර්ධනයක් කොහෙද ?

Main News