ලන්දේසීන්ගේ ගෘහ නිර්මාන ආරක්ෂා කරන්න නෙදර්ලන්ත තානාපතිනිය උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි..
June 7, 2018 at 2:06 am | lanka C news
නෙදර්ලන්තයේ තානාපතිනි ජොඈන් ඩෝනිවෝර්ඞ් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා හමුවිය.
එහිදී දෙරට අතර සිදුකෙරෙන සංවර්ධන වැඩ පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් උතුරු පළාතේ පවතින ජල ගැටළුව පිළිබඳවත් එකල ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගෘහ නිර්මාණ ශිල්ප සහිත ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් යාපනය බල කොටුව පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.
උතුරු සංවර්ධනය සඳහා නෙදර්ලන්තයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කල එතුමිය මුහුදු ජලය පානීය ජලය බවට පරිවර්තනය කරන වැඩපිළිවෙලක් සහ භූගත ජලය පිරිසිදු කොට පානීය ජලය බවට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම වර්ෂා කාලයේදී එක්රැස්වන ජලය නියං කාලයේදී භාවිතයට ගැනීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මල්වතු ඔය හා ඉරණමඩු ඔය ජලාශයේ ඇති ජලය යාපනයට ගෙනඒමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ගත් අතර මෙම වැඩපිළිවෙල සඳහා ඔවුන් ඉදිරියේදී උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් සහ ආණ්ඩුකාරවර සහකාර ලේකම් ජේ. සෙල්වනායගම් යන මහත්වරුන් සහභාගි වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Very very good stuff if these can be done !!!
Meke inna MOOODA HARAK rela mewage NEWS walata COMMENTS danneth nehe.
ලන්දේසින් උතුරේ අපේ පැරණි වෙහෙර විහාර විනාශ කර ලබා ගත් ගඩොල් ඇතුළු අමුද්‍රව්‍ය යොදා සැදු ලන්දේසීන්ගේ ගෘහ නිර්මාන ආරක්ෂා කරන්න සහය දීම ජාතියටම කරන නින්දාවක් ..
ලන්දේසින් දුම්කොළ වැවීමට ඉන්දියාවේ ගෙනා දෙමළ වහල්ලු දැන් උතුරේ පදිංචි වී උරුමය ඉල්ලන මේ කාලේ කොළණි බලය පෙන්නුම් කිරීමට නෙදර්ලන්තය නැවත සැරසෙනවා වගෙයි ..පබයෙක් රටේ පාලකයා වීමේ විපාකය
මල්වතු ඔය හා ඉරණමඩු ඔය ජලාශයේ ඇති ජලය යාපනයට ගෙනඒමේ වැඩපිළිවෙලක් ..දැන් අපේ වතුරත් ඉවරයි
දැන් අපේ රට පාලනය කරන්නේ විදේශීය තානාපති වරුන්ද ?