ලන්සාට කැබිනට් ඇමති ධුරයක්..? ජනපති සමග වෙනම සාකච්චාවක්..
March 24, 2022 at 12:00 pm | lanka C news
තමන් දරන ලද රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ වෙනත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔහුට මේ බව දන්වා ඇතැයිද සඳහන්ය.
ජනාධිපතිවරයාද ද මන්ත්‍රීවරයා සමග වෙනම සාකච්ඡා කර ඇති අතර එහිදී ඇමති ධුරයක් පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් කිසිදු ඇමතුමක් ලබා නොගෙන කටයුතු කිරීම තම අරමුණ බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
ඔහු දරන ලද ලද ග්‍රාමීය මාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නිමල් ලංසා මහතා පෙරේදා දිනයේ ඉල්ලා අස්විය.
ඕකනෙ කියන්නෙ “” අඬන්න ඕනළු කිරි එරෙන්න “” කියල .
අර අස්වීමේ ලිපියෙ තිබුන නේ දුක් විදින මිනිස්සු ගැන . ඇමති කම හම්බ උනාම මිනිස්සුන්ගෙ ප්‍රශ්නත් විසදේවි .
මස් කට්ටක් දෙන්න හදන්නේ w😄😄😄😄
ලන්සලා ආරක්ෂා කරගන්න ඕනෙ ,
. ඕනෙ වෙලාවක සල්ලි විසිකරන්න සූදානම් නිසා.ඒ සල්ලි හම්බකරන්නෙ , කරේ , කොහොමද ?කියන එක අදාල නැහැ . ඔවුන් දේශපාලන සම්පත් . අත ඇරියොත් පාඩුව පක්ෂෙට.
මස් කට්ටක් දෙන්න හදන්නේ w😄😄😄😄
ඕකට තමා ඇඬුවේ. දැන් මෙයා කැබිනට් ඇමති වුනාම අර පරණ පුරුදු බිස්නස් එක වැඩි බලතල සහිතව පාලකයින්ට ඵල ප්‍රයෝජන ගෙන දෙන විදියට කරතහැකි. මතකනේ එකල දුවල ගිහිල්ල බදාගත්ත විදිය.
Must thank to the Sanath Nishantha.
ලන්සගෙ ලන්සුව ඩොලරයටත් වඩා වේගයෙන් ඉහල ගියා!!!!