ලබන වසරේ මේ ආණ්ඩුව එක්කෝ ගොඩයනවා.. නැතිනම් යටයනවා..

October 25, 2016 at 1:20 pm | lanka C news
ලබන වසරේ මේ ආණ්ඩුව එක්කෝ ගොඩයනවා.. නැතිනම් යටයනවා..

යහපාලන සංකල්පය මෙරට බොහා් පිරිසකට නොතේරෙන දෙයක් බවත් බහුතර පිරිස බලාසිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භේද කිරීමට බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) බදුල්ල, කැන්දගොල්ලේ පැවති කුඩා තේ වතු හිමියන් 1100 දෙනෙකුට පොහොර සහනාධාරය ලෙස රුපියල් ලක්ෂ 63 ක මුදලක් පරිත්‍යාග කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අද ගොඩාක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව පෙරලෙන කල්. ගොඩාක් මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි බේද කරන්න.

අපි යූ.එන්.පී. කාරයෝ හැටියට ආණ්ඩුවක් දිනලත් අවංක චේතනාවෙන් තමයි යහපාලන ආණ්ඩුවට එකතු වුණේ. අපි ආණ්ඩුව දිනලත් නිමල් සිරිපාල ද සිල්වා ආසනය පැරදිලත් නිමල් සිරිපාල මහත්තයට ඇමති කමක් දෙනවට අපි විරුද්ධ වුනේ නැහැ. මම මහ ඇමති කමෙන් අයින් වෙලා මගේ මහ ඇමතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට දෙනවට මං විරුද්ධ වුනේ නැහැ. ඇයි ඒ ? අපි සැබෑ අර්ථයෙන් යහපාලනයට ගරු කරපු නිසයි. යහපාලනය කියන එක ගොඩාක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. යූ.එන්.පී. කාරයෝ හැටියට අපි මිනිසුන්ගෙන් බැනුම් අහනවා. මේ ගමේ ඉන්න උග්‍ර යූ.එන්.පී. කාරයෝ මට තිත්ත කුනුහරුපෙන් බැනලා තියෙනවා. උඹලට ඡන්දේ දුන්නේ ඕකට ද කියලා බනිනනවා. උඹලට ඡන්දෙ දුන්නේ අපේ ආණ්ඩුවක් හදාගන්න කියනවා. ඇයි දැන් ශ්‍රී ලංකා කාරයෝ ගාගෙන අහනවා. අපි හිතුවේ එහෙම නෙවෙයි. අපි හිතුවේ ගමේ ශ්‍රී ලංකා, යූ.එන්.පී ඕන නැහැ කියලා. අපිට ඕන අවුරුදු 5න් ගම දියුනු කරන්න ඕන කියන අවංක චේතනාව. හැබැයි සමහර මිනිස්සුන්ට ඕන මේක කඩන්න. ආයෙත් බොරු චොදනා දාලා සමගිය කඩලා රටේ අස්ථාවරත්වය ඇතිකරලා යුද්ධයක් තියෙනවා කියලා පෙන්නලා ඒවගේ කතා ඇති කරන්න.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශ්වාසය හදවතේ තියාගෙන ඉන්න. 2017 අවුරුද්ද තමයි මේ ආණ්ඩුව හැදෙන හෝ නොහැදෙන අවුරුද්ද. එක්කෝ මේ ආණ්ඩුව 2017 දී ගොඩ යනවා. නැතිනම් යට යනවා. කරන දෙයක් මේ ආණ්ඩුව කරන්න ඕන 2017 අවුරුද්දේ. ඒ නිසා විශ්වාසය තියාගන්න. ඔය කෙරෙනවා කිව්ව සංවර්ධනය ඇතිවන්නේ 2017 අවුරුද්දේ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි එම විශ්වාසය හදවතේ තියාගනෙ ඉන්න බව මට විශ්වාසයි. ඕනම දේකදි එහෙම නේ. හොදට ඉන්න පවුලක් කඩන්න උත්සාහ කරනවා. ඊර්ෂ්‍යා කරනවා. හුනියම් කරනවා. නෙයෙකුත් දේවල් ගැට ගහල තුන්ඩුදාල. ඒවගේ දේවල් අපේ රටේ සමහර මිනිස්සු කරනවා. ඒ නිසා ඒවා ගැන කලබල වෙන්න එපා. ඔබේ පවුල රකින්න අපි ඉන්නවා”.

පාලිත ආරියවංශ
බදුල්ල

57,664 Viewers

14 Comments to “ලබන වසරේ මේ ආණ්ඩුව එක්කෝ ගොඩයනවා.. නැතිනම් යටයනවා..”

  1. Silva C says:

    මොනවා වුනත් මේ වසරේ ආණ්ඩුවේ සොහොන් ලකුණ උඩ ආවා……!

    ඊළඟට වන දේ ඉතින් අපිට හිතා හැකීයී නේ..!

  2. DIGA JANTHU says:

    අද ගොඩාක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව පෙරලෙන කල්. ——-eka terena eka godak hoda MR digital

    belunayak uda eraganna bri ,wifi dnawa kiyala minissu rawattapu , ubalata puluwan anachare yanna niliyanta digital karanna vitarai ekath puluwanda danne neh mokada wedi goda loloo nee -aha eka ethulu

  3. SS says:

    “අද ගොඩාක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව පෙරලෙන කල්.”

    You know exactly what current majority wants…..

  4. Champa says:

    Quote: “ලබන වසරේ මේ ආණ්ඩුව එක්කෝ ගොඩයනවා.. නැතිනම් යටයනවා….” Unquote:

    දෙකම නෙමෙයි dude, මම නම් හිතන්නේ Google බැලුම වගේ පාවෙලා පාවෙලා වලාකුළු දිගේ ඇදිලා ඇදිලා ගිහින් ඇස් දෙකට නොපෙනී තොලොන්ජිම වෙලා යනවා.

    අනේ හලෝ අවුරුදු දෙකක් තිස්සේ දඟලලත් මෙලෝ වැඩක් කරගන්න බැරිවෙච්ච UNP කාරයෝ දැන් කියනවා 2017 සංවර්ධනය කරනවලු. හැමදාම ඔහොමයි. කල් ඉල්ලනවා දැන් අවුරුදු 2ක් තිස්සේ. රට හදනවා තියා අඩු ගානේ සැලස්මක සැකිල්ලවත් හදා ගන්න බැහැ. UNP ආණ්ඩුවට මෙලෝ පළපුරුද්දක් නැහැ. උවමනාවකුත් නැහැ. දුක් විඳින මිනිස්සුන් ගැන වගේ වගකුත් නැහැ.

    අපි එකඟ නොවුනත් සිරිසේන ජනාධිපතිතුමා රට පාලනය කරයි කියලා විශ්වාසෙන් තමයි මිනිස්සු චන්දෙ දුන්නේ. ඔච්චර sure නම් රනිල්ටම ජනාධිපතිකමට ඉල්ලන්න තිබුනනේ. මොකොටද ඇමවල් පාවිච්චි කලේ?

    ඇමරිකන් කාරයා තමන්ගේ ඉත්තා රනිල්ව පාවිච්චි කරපු පලවෙනි පාර නෙමෙයි මේක. 2010දීත් මහින්දව පරද්දන්න රනිල් ලව්වා ෆොන්සේකාව පාවිච්චි කළා. එයාවම තෝරා ගත්තේ මහින්ද එක්ක අමනාපයක් තිබුන නිසා කියල මම හිතනවා. හැබැයි පැරදුනු නිසා වැඩේ වැරදුනා.

    2015 කලෙත් ඒකමයි.

    මිනිස්සු බනින්නේ මාළු බාන්නාට නෙමෙයි. ඇමට. ඔන්න ඇම ඇවිද ගෙන ගිහින් බලෙන් කොක්කේ ඇමිනිලා ඊට පස්සේ බිලී පිත්තත් එක්ක මාළු බාන්නෙක් හොයාගෙන ගිහින් බිලී පිත්ත අතට දීලා මාළු බාන්න කියල කිව්වා නම් කමක් නැහැ. මාළු බාන්නා විසි අවුරුද්දක් තිස්සේ වේලි වේලි ඉඳල බිලී පිත්තත් අරගෙන ඇමකුත් හොයාගෙන ගිහින් මාළුවා අල්ල ගත්තට මොකොද, අල්ලාගෙන තියෙන්නේ ආඳේක්. අතේ ඉන්නේ නැහැ වැටෙනවා. ආයෙත් අහුලනවා. ආයෙත් වැටෙනවා. බලාගෙන ජනාධිපතිතුමා, මේ මාළු බාන්නව සත පහකට විශ්වාස කරන්න එපා. කවුද දන්නේ, ආඳත් එක්ක deal එකක් දාන්න ඉඩ තියෙනවා. මාළු බාන්නටම හරියන ආඳා!

    මම විහිළුවක් කලේ. ජනාධිපතිතුමා, දැන් කොක්කෙන් ගැලවෙන්නේ නැතුව නම් බැහැ. එතකොට ඔබතුමා තව දුරටත් ඇමක් නෙමෙයි, මිනිහෙක්. ඇමති කෙනෙක් විදියට ඔබට විශාල පළපුරුද්දක් තියෙනවා. රනිල්ට බැහැ ඔබේ දූවිල්ලක්වත් වෙන්න. “මාර මොලයක්” කියලා හිතපු රනිල් දැන් “මාර මෝලෙක්” කියල තේරෙනවා නේද? දැන්වත් රටේ පාලනය අතට ගන්න. වැඩ කරන්න තියෙන කාලේ නාස්ති කරන්න එපා.

    හිටපු ජනාධිපතිතුමා focus කලේ යටිතල පහසුකම් සංවර්ධනය ගැන. එතුමා පාරවල් හැදුවා, වරාය හැදුවා, ගුවන් තොටුපළවල් හැදුවා, තව හුඟක් ගොඩනැගිලි හැදුවා. ලොකු සංවර්ධනයක් කලා.

    ජනාධිපතිතුමා, ඔබ ඒ නැවතුනු කොටෙන් පටන් ගන්න එපා. ඔබ තෝරා ගන්න ඕනේ මිනිස්සුන්ගේ හදවතට දැනෙන දෙයක්. ඔබ ඔබේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න ඕනේ. ඔබ තෝරා ගන්න ඕනේ වෙනස් විදියේ සංවර්ධනයක්. ඔබ focus කරන්න ඕනේ ගැමි ජනතාව සහ ඔවුන්ගේ ජීවිත කාලෙටම නොවිසුඳුන ප්‍රශ්න. මම කිව්වනේ මට slogan එකකුත් තියෙනව කියලා. දැම්ම කියන්න බැහැ මොකොද කුනකටුවෝ, මාපිලෝ, වැලි පොළොංගු, දෙපැත් නයි හැම තැනම. දන්නවනේ, UNP එක තනිකරම සත්තු වත්තක්. සර්ප විමානයක්.

    දන්නවද ජනාධිපතිතුමා මම මෙච්චර වෙලා හිතා හිටියේ එක කාරණාවයි. මේ ගස් ගෝනගේ සද්දෙට මට විදුලි කොටනවා වගේ තව අදහස් දෙකක් හිතට ආවා. එකක් මගේ අදහසක්. අනෙක ඔබතුමාගේ අදහසක් ප්‍රායෝගික පැත්තට හරවන එක. තුන්වෙනි එක රට වෙනුවෙන්. UNP කාරයන්ටයි බයියොන්ටයි දෙගොලන්ටම උණ ගැනෙන්න රට හදමු. මම පුද්ගලයෝ දීලා බලන්නේ නැහැ ජනාධිපතිතුමා, මම බලන්නේ කරන වැඩේ දිහෑ.

    ටිකක් කල්පනා කරන්න ජනාධිපතිතුමා, මම මේ කියන ඒවා මේ කැහැටු UNP set එක මේ අවුරුදු දෙකටම කවදාවත් කිව්වද? නැහැනේ. ඒකෙන්ම තේරෙනවනේ රට ගැන ඇත්තම උවමනාවක් තියෙන්නේ කාටද කියලා.

  5. රටවැසියා says:

    මේ වගෙ වැඩකට නැති කතා කිය කිය යන එවුන් ඇමති කම් කලේ වෙන මොන රටේද . රටකට ගිය කල.

  6. Nimal says:

    Is there a government in this country to change?? This is a mental hospital – the director & his team who think this is a government

  7. wifi buddhist says:

    බෞද්ධ යන්ට කෙලවන මේ ආණ්ඩුව ගැන
    ඊලග චන්දෙන් තරු තමා පෙනෙන්න පටං ගන්නේ..

  8. ලබනවසරේ තොපි වලපල්ලටම යන එක සිකුරුයි ඉර හඳවගේ ඇයි උඹලා ආර්තිකය අහස උසට නග්ගලා තියෙන නිසා වෙනස සැපයි හරීන් ගොනෝ මිනිස්සුන්ට යහපාලන සංකල්පය නියමෙට තේරෙනවා මොකොද උන් තූත්තුකුඩියේ ඉඳන් ඇවිල්ලාකියලා හිතුවද බූරුවෝ?

  9. chocolat_baba says:

    baloon ayya mokada uda gihila wadida, google ekatath apahassayak meeka nissa….. itin jathayantharayata yanne kohomada muladima hathpole guugaa gathama…..

  10. I listen to a few political programs today like ‘Satana’, ‘Balaya’ and JVP’s press conf. it looks like this freaking UNP is in real trouble. If everything goes correctly even UNP’s supreme boss Ranil will be ousted by the UNPers themselves for helping rob money from the Central Bank. Now people openly say that he is no longer Mr. Clean. Some parliamentarians called him ‘hora’ (thief) and it is a really serious situation. I don’t think this government would last too long. Even if they do it will be a disaster for the country, nation, and everyone in Sri Lanka including the so called ‘minorities’. This is my personal impression about the country today. Thanks.

  11. karu says:

    දෙකක් නැහැ ලොක්කෝ, යන්නේ වල පල්ලට, උතුර නැගිටිනවා. යහපාලනය වලටම යනවා. මිනිස්සු තේරුම් ගන්නවා ගෝටා වගේ නායකයෙක් ඉන්න ඕනේ නැවතත් රට ගොඩ ගන්න. මොකෝ මහින්දට බැහැනේ වියවස්තාව අනුව

  12. gajaba says:

    රනිල් කියන්නේ දැක්මක් නැති , ඔහේ දොඩවන, නිලයෙන් උන්මන්තෙකු වී ඉන්න නිකමෙකුට, සිරිසේන කියන්නේ මහින්ද ගැන ක්‍රෝධය හිතේ පුරවාගෙන ඉන්න කියන දේ නොකරන මිනිසෙකුට. මේ දෙන්නා එකතු උනාම රට වල පල්ලට යනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා 2017 දෙකෙන් එකක් නෙවි, එක දෙය ඉ වෙන්නේ, ඒ යහපාලනය කියන අමන පලයනය නැත්තටම නැති වෙලා යන එක.

  13. lapadi says:

    This is a meaningless government. One party should rule the country either UNP or SLFP.
    It is worth for going for a new election rather than waiting till 2020.

Main News