ලමා නිවාසයක දැරියක් ගෙල වැලලාගෙන මිය යයි..

July 6, 2020 at 12:40 pm | lanka C news
ලමා නිවාසයක දැරියක් ගෙල වැලලාගෙන මිය යයි..

වව්නියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල දැරිය ළමා නිවාසයේ සිටියදී  ඊයේ රාත්‍රියේ ආහාර ගැනීම සඳහා සොයා බලන අවස්ථාවේ දැරිය නොසිටීමෙන් පරික්ෂා කර බැලීමේදී ළමා නිවාසයේ පිහිටි නානකාමරයක් තුලදී ළණුවක් ආධාරයෙන් ගෙල වැලලාගෙන ඇති බවට ළමා නිවාසයේ පාලිකාවන් අනාවරනය කර ගැනීමෙන් පසුව මේ බව වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

මෙසේ සියදිවි හානි කොට ගෙන ඇත්තේ 17 හැවිරිදි රාජි සෙල්වරාණි නැමති දැරියක් වන අතර දැරිය සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය ගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්සණය වෙනුවෙන් වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු වව්නියාව පොලීසිය විසින් සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

8 Comments to “ලමා නිවාසයක දැරියක් ගෙල වැලලාගෙන මිය යයි..”

  1. Simiyon says:

    මේ ළමා නිවාස වල පාලිකාවන් අතින් මෙම දැරියන් අපයෝජනයට ලක්වන අවස්ථා බොහෝ තියෙනවා… දැන් මාසෙකට විතර කළින් කොට්ටාව ප්‍රදේශයේ තිබෙන බාලිකා නිවාසයක පාලිකාවන් හොරරහසේම අස්කරලා දැම්මා අවුරුදු 12, 14 අතර ගෑණුළමයින් කිහිප දෙනකුට අතවර කරලා… ඒ බාලිකා නිවාසෙ පාලක මණඩලය ඒක ලස්සනට යටගැහුවා… උන් පාලක මණ්ඩලයේ ඉන්නෙ පම්පෝරි ගැසීමට අවශ්‍ය නිසා.. එකෙක් සිරිවර්ධන කියලා හෙන උපාසක මහතෙක්… පුළුවන්නම් හොයලා බලන්න…

  2. T says:

    Annatha Niwes Wala Daruwan Apayo Janaya Ta Ganima Bahulawa Wena Deyak. Lama Arakshaka Departhumenthuwa Mara Ninde. Vishaya Bara Amathiya Mona Rajayak Palanayata Awath Prasnaya Etanami.

  3. neil says:

    Sad. Should have been prevented if places like this is more vigilant and accommodative for young people issues. They are silently suffering. This death is just an iceberg

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  5. senanayake says:

    lama rakshana adikariya is a useless body. abused children are neglected at their centers and when they become young they run away or become aimless or anti social citizens.sometimes children with good upbringing at another place are taken out due to some legal point but they could have done better at the first place. these big headed people only make big news.many people think children are safe with them but its not.