ලයිට් ඩිම් නොකලා කියා පන්නා පහරදී අයෙක් මරා දමයි..

August 20, 2018 at 5:30 pm | lanka C news
ලයිට් ඩිම් නොකලා කියා පන්නා පහරදී අයෙක් මරා දමයි..

යාපනය කයිට්ස් කරෙයිනගර් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයකින් පැමිණි පිරිසක් විසින් සිදු කරන ලද පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.

කරෙයිනගර් මාර්ගයේදී පුද්ගලයෙකු යතුරුපැදියේ ගමන්කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ද දෙසින් පැමිණි කුඩා ලොරි රථයක පිරිසක් විසින් යතුරුපැදිය නවතා යතුරු පැදියේ විදුලි බුබුලු අඩඅඳුරු (ඩිම්) කර පදවන ලෙසට බැන වැදී ඇති අතර පසුව යතුරුපැදි කරු විසින් ලොරි රථයේ සිටි පිරිසට බැන යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත.

එයට උරණ වූ ලොරි රථයේ පැමිණි තිදෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් යතුරුපැදිය ලුහුබැඳ ගොස් යතුරුපැදි කරුට අමානුෂික අයුරින් පහරදී ඇති අතර සිද්දිය දුටු යතුරුපැදි කරුගේ ඥාති වරයෙකු ආරවුල නැවත්වීඹට මැදිහත් වීමේදී ලොරි රථයේ පැමිණී පිරිස් විසින් එම ඥාති පුද්ගලයාටද අමාණුෂික අයුරින් පහර දී පලා ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය තොරතුරු අනවාරනය කොට ගෙන ඇත.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනාම යාපනය රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුලත් කොට ඇති අතර එහිදී යතුරුපැදි කරුගේ ඥාති පුද්ගලයා ඊයේ රාත්‍රිෙය් මිය ගොස් ඇති බවට කයිටිස් පොලීසිය පැවසුවේය.

පහරකෑමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ කරෙයිනගර් කේසර වීදයේ පදිංචි 54 හැවිරිදි සුබ්‍රමනියම් ජීවනන්දන් වන අතර තුවාල ලැබූ යතුරුපැදි කරුද එම ප්‍රදේශයේම පදිංචි  නඩරාජා දේවරාජා නැමත්තෙක් වන අතර පහරදීම සිදු කල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13 views

4 Comments to “ලයිට් ඩිම් නොකලා කියා පන්නා පහරදී අයෙක් මරා දමයි..”

  1. RW says:

    I do not appreciate killing a person. But using head beam is a real disturbance to oncoming vehicles. It can cause fatal accidents.

    • MS says:

      However, that cannot be taken as an excuse to bodily harm or murder another person. There is a law in the country at least for a name’s sake. The law should apply equally to all. That’s how Poro Man was sent to jail.

  2. KP says:

    පුලි අයියා ලා හිටියා නං මෙහෙම වෙන්නේ නෑ නේ
    මීට විජේ කාලා

  3. ගන්ජ බන්ඩා says:

    අද නීතිය ක්‍රියාත්මන ව‌ෙන්න‌ෙ යහපාලන ක්‍රමයටය්. යහපාලන ක්‍රමය කියන්න‌ෙ ද‌ේසපාලන විරැද්දවාදීන්ට විරුද්දව නීතිය නවල ක්‍රියාත්මක කිරීමත් මදාවියන්ට සහ කුඩුකාරයින්ට මානව අයිතිවාසිකම් දීමත් යන පිළිව‌ෙතය්.

Main News