ලලිත්-අනුෂ ඇප ඉල්ලීම සලකා බැලේ.. අද තීන්දුව මෙන්න..
September 14, 2017 at 10:40 am | lanka C news
තුන් වසරක සිර දඬුවම් නියම කර බන්ධනාගාරගත කර සිටින ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට වෙනුවෙන් ඇප ඉල්ලමින් අද දිනයේ කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීය.
එය සලකා බලමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කලේ නීතිපතිවරයාට හා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මේ වන විටත් අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කර ඇති බව දන්වමින් මෙම ඇප ඉල්ලිම ඉදිරිපත් කර ඇත.