ලලිත්-අනුෂ දඩු ගෙවන්න මුදල් සොයා මහ සග රුවන රට පුරා පිණ්ඩපාතයේ..

September 12, 2017 at 8:40 am | lanka C news
ලලිත්-අනුෂ දඩු ගෙවන්න මුදල් සොයා මහ සග රුවන රට පුරා පිණ්ඩපාතයේ..

බෞද්ධ උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දුන්නේ යයි බරපතල වැඩ ඇතිව තුන් අවුරුද්දක් සිරගත දඩුවම් ලබා දී ඇති ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන අයට ගෙවන්නට නියම කර ඇති ලක්‍ෂ 1040ක් වූ වන්දි හා දඩ මුදල් සොයා ගැනීමට පිඩු සිගා වැඩීමට මහා සංඝ රත්නය තීරණය කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමියෝ පවසති.

ඒ සදහා වූ විශේෂ අරමුදලක් ‘සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල’ නමින් ආරම්භ කර ඇතැයිද සදහන් කරන උන් වහන්සේ දැනටමත් මේ සදහා දායක වීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, බෞද්ධ සංවිධාන රැසක්‌ කැමැත්ත පල කර ඇතැයිද සදහන් කලහ.

15 වැනිදා සිට සංගරත්නය පිඩු සාගා වඩින බවත් ඊට අමරතව රට පුරා විහාරස්‌ථානවල ආධාර ලබා ගැනීමේ වැඩසටහනක්‌ ආරම්භ කරන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.

603 views