ලලිත්-අනුෂ අභියාචනා ගොනු කරයි.. ඉක්මනින්ම ඇප මත නිදහස..?

September 11, 2017 at 3:00 pm | lanka C news
ලලිත්-අනුෂ අභියාචනා ගොනු කරයි.. ඉක්මනින්ම ඇප මත නිදහස..?

මහාධිකරණය විසින් තුන් අවුරුද්දක කාලයකට බරපතල වැඩ ඇතිව සිර දඬුයම් නියම කර ඇති ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් එම තීන්දුවට එරෙහිව නීතීඥයින් හරහා අභියාචනාධිකරණයේ අභියාචනාවක් අද දිනයේ ගොනු කර ඇත.

මෙම අනුව ඉදිරි දින කිහිපය ඇතුලත මොවුන් දෙදෙනාට ඇප ඉල්ලීමේ අයදුම්පතක් ඉදිරිපත් වනු ඇති බවත් ඔවුනට ඇප හිමිවීමේ වැඩි ඉඩක් ඇති බවත් නීතී ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් අදහස් පල කරයි.

මරණ දඬුවම නියම කරන ලැබු අයට පමණක් ඉහල අධිකරණයකින් ඇප ලබා ගැනීමේ අවස්ථාව නොලැබෙයි.

106 views
Main News