ලලිත් වීරතුංග-අනුෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කර නිදහස් කෙරේ… මහාධිකරණ දඩුවම අවලංගුයි..

November 19, 2020 at 10:40 am | lanka C news
ලලිත් වීරතුංග-අනුෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කර නිදහස් කෙරේ… මහාධිකරණ දඩුවම අවලංගුයි..

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව පනවා තිබූ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබිය.

ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අද නියෝග කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී 2015 වසරේ සිල් බෙදා දීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ මුදල් අභාවිත කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා කරමින් ඔවුනට විරුද්දව මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

එහිදී මහාධිකරණය විසින් ඔවුන්ට සිර දඬුවම් නියම කරන ලද අතර ඔවුන් එය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කරනු ලැබිය.

එම නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කරන ලදී.

42,803 views

38 Comments to “ලලිත් වීරතුංග-අනුෂ පැල්පිට සිල්රෙදි නඩුවෙන් නිදොස් කර නිදහස් කෙරේ… මහාධිකරණ දඩුවම අවලංගුයි..”

  1. කසුන් says:

    මේක තමයි ඇත්ත යතාර්ථය. දැන් බලයේ ඉන්න උන්ට පුළුවන් පරන කරපු වැරදි පව් සියල්ලම සෝදලා නිදොස් කොට නිදහස් කරලා බේරීමට, ඒ අපේ රටේ ”නිතිය” බලය/ධනය හමුවේ නැවෙන හැටිය. මුන් දෙගොල්ලොම ජනතා මුදල් අවබාවිතාවේ සුවිශේෂී ලෙස දස්කම් පෙන්වා ඇත, ඒත් රටේ ”නීතියත්” මෙලෙසින් උන්ටම ගොස් හමාර බව තේරුම් ගනිල්ලා, මීට වඩා වෙන මොනවද…?

    • Boo says:

      ඇත්ත යතාර්ථය තමයි බලයේ හිටපු හොරැ රැල තමන්ගෙ විරැද්ධවාදීන්ව බොරැ නඩු දමා හිරේ යවන්න උත්සාහ කල එක. නපුංසකයින්ට ඕක තේරැම් ගන්න අමාරැයි.

      • aniwa says:

        aniwa macho, they are innocent.
        also doesn’t matter how much of our money are used to get our appachchi back in power.
        jaya wewa appachchi and gota sir !

      • කාන්තාර පළඟැටියා says:

        වහල් සිතිවිලි.

      • vidu says:

        ඔබ කියන්නෙ අරගොල්ල ගෙ ආණ්ඩුව බොරුචෝදනා දාල හිරෙ දාල කියල.එතකොට අදිකරණය බොරු චොදනා පිලි අරන්?
        අධිකරණයට අපහාස කිරීමක්

    • deshabhimaanee says:

      උන් කරලා තියෙන වරද සිල් රෙදි බෙදාදීමට මුදල් වැය කිරීම .බුදුදහමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව ව්‍යවස්තාවේම තියෙනවා .එහෙනම් ධර්මය මිනිසුන් උනන්න්දු කරවීමට සිල් රෙදි බෙදා දීම වරදක් වෙන්නේ කොහොමද ?කාලකන්නි රනිල් ප්‍රමුඛ ක්රිස්ත්යනි කල්ලිය පවරපු නඩුවක් ඔය . උන් හැඳි ගෑවිලාම ගියා .

  2. Jagath says:

    හොරු ඔක්කොම එලියට දාලා අපි යමුද අැතුලට
    දැන් අැතුල පිරිසිදුයි එලියට වඩා රාජපක්ස හොර නඩය ඉන්නකම්

    • ExUNPer V says:

      වසර 5 ක් රට අනීතියෙන් වැනසූ යහපාලන වැඩ බැරි න පුංස කයන්ට ආවඩන නිවට කුක්කන්ට දැන් අමාරු ඇති.

  3. ජය වේවා මීළඟ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සියල්ල ප්‍රශ්නාර්ථ කාරීව සිදුවෙමින් පවතී අනේ අපේ රටට ගිය කලක් කටාර් වල අපි

  4. Gotaimbara says:

    I am so pleased for the two gentlemen. The previous decision by the courts said that there is no evidence to prove there was any misappropriation of funds or anybody benefited (robbed) the funds. However, still they will be given a punishment.

    At last, justice done. Don’t know whether Padmini Ranawake and Ranjan Ramanayake were involved in the earlier decision.

Leave a Comment

Main News