ලලිත් වීරතුංග-අනුෂ පැල්පිටගේ සියළු රෙදි ගලවා ගෙදර එවයි.. ජම්පරය අන්දවා බන්ධනාගාර රෝහලට..

September 8, 2017 at 10:00 am | lanka C news
ලලිත් වීරතුංග-අනුෂ පැල්පිටගේ සියළු රෙදි ගලවා ගෙදර එවයි.. ජම්පරය අන්දවා බන්ධනාගාර රෝහලට..

ඊයේ දිනයේ බරපතල වැඩ ඇතිව තුන් අවුරුද්දක සිර දඬුවම් නියම කරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ මෙම දෙදෙනාට දියවැඩියා රෝගී තත්වය තිබෙන බවයි.

මොවුන් දෙදෙනා මේ වන විට වැලිකඩ බන්දනාගාරයේ කේ වාට්ටුවේ රදවා සිටී.

සිරකරුවන්ට ලබා දෙන ජම්පර් ඇදුම ඊයේ දිනයේම මෙම දෙදෙනාට අන්දවා ඇති අතර ඔවුන් ඇද සිටි සියළු ඇදුම් ගලවා පවුලේ ඥාතීන්ට බාර දී ඇත.

152 views