ලලිත් වීරතුංග ජනාධිපති සමාවට පයින් ගහයි… සිර දඬුවම විදින බව කියයි..
September 11, 2017 at 9:20 am | lanka C news
තමන් වෙනුවෙන් කිසිසේත්ම ජනාධිපති සමාවක් උවමනා නැතැයි බරපතල වැඩ ඇතිව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි හිතවතුන් පිරිසක් සමග බවද සදහන්ය.
තමන් එක සතපහක් හොරකම් කර නැති බවත් ඒ බව නඩු තීන්දුවේද දැක්වුණු බවත් තමන් විසින් සිදු කලේ රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කිරීම පමණක් බවත් සදහන් කර ඇති ඔහු නැවත අධිකරණයෙන් තමනට සාධාරණය බලාපොරොත්තු වන බවත් නොඑසේනම් සිර දඬුවම ගෙවා දැමීමිට සූදානම් බවත් සදහන් කර ඇත.