ලසන්තට උල් ආයුධයකින් හිසට ඇන මොල කෑලි එලියට ගෙන මරලා.. වෙඩි තබා කල ඝාතනයක් නොවේ..- CID අධිකරණයට කියයි..
March 20, 2017 at 2:10 pm | lanka C news
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ හිටසට උල් ආයුධයකින් ඇනීම නිසා බව අද රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කලේය.
ලසන්ත වික්‍රමතුංග මෘත දේහය ගොඩ ගෙන සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කරන ලද පරීක්ෂණවලින් ඒ බව හෙලි වූ බවද ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියහ.
මීට පෙර වාර්තා වූයේ මෙම මරණය සිදු වූයේ වෙඩි තැබීමකින් බවයි.
එසේම මෙම ඝාතනය සිදු කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ මේජර් ජෙනරාල් කපිල හෙන්ද්රවිතාරණගේ යටතේ තිබූ විශේෂ කණ්ඩායමක් විසින් යයිද රහස් පොලීසිය අධිකරණය දන්වා ඇත.
41 views