ලසන්තට වෙඩි තබා ඝාතනය කළේ යුද හමුදා බුද්ධි අංශයෙන්.. – CIDය අධිකරණය කියයි…
November 26, 2016 at 6:48 pm | lanka C news
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයෙන් කළ වෙඩි තැබීමකින් යයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය සදහන් කරනු ලැබ ඇත.
දැනට ඇප මත නිදහස් කර සිටින හමුදා බුද්ධි නිලධාරි ප්‍රේම් ආනන්ද උදලාගම සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව සදහන් කරනු ලැබුයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වායි.