ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්…

September 23, 2021 at 3:20 am | lanka C news
ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්…

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් කළේ යැයි එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

ඔහු විසින් එල්ල කරන චෝදනා හේතුවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණය වී ඇති බවත් එනිසා ඕනෑම මාධ්‍යයක් ඔස්සේ විවෘත සාකච්ඡාවකට එන්න ඔහුට ආරාධනා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

තමන් කිසිම ආකාරයෙන් තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් නොකළ බවත් ඔහු ඉදිරිපත් කළ කරුණු සම්පූර්ණයෙන් අසත්‍යය බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටී.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තනතුරක් නැති බවද කී අමාත්‍යවරයා තුෂාන් ගුණවර්ධන මහතා කටයුතු කළේ දේශපාලන පත්වීමක් බව ද තවදුරටත් පැවසීය.

නමුත් තමන් රාජ්‍ය ඇමැති ධුරය භාරගන්නා විට සිටි මෙම නිලධාරීන් වෙනස් කිරීමකින් තොරව රාජකාරි කරගෙන ගිය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

42,768 views

24 Comments to “ලසන්ත අලගියවන්න-තුෂාන් ගුණවර්ධන විවාදයක්…”

  1. sira says:

    ඔය පල මෝඩය මොනවා දනගෙනද කියවන්නෙ, පට්ට හොරු, වටේ තියන් හම්බ කරන කාලකන්නි.

  2. Bandarawatta says:

    Kalakanni adu kule para jeppek wenna athi oka.

  3. lasantha is one of our students. Even during that time he was a very honest and lovable student. we are so sure about his pure hands good luck putha

    • ෆේල් says:

      ඌ පාර්ලිමේන්තුවේ කියන්නේ ටීචර් ෆේල්.

  4. Shiran Jeya says:

    ලසන්ත අලයා කියන්නේ ඇත්ත. පොහොටුවේ රාජ්‍ය ඇමතිලා කවදාවත් හොරකම් කරන්නෙත් නෑ. හොරකම් කරන උන්ට අනුබල දෙන්නෙත් නෑ.
    කරන හොරකමක් කරේ සබජ උනුයි ජවිපෙ උනුයි විතරයි.

  5. Silva says:

    බොරැවට ආයුෂ නැත. බොහොම ටික දවසකින් සත්ය එලිවේවි.

  6. පව් අපි says:

    පුහුල් හොරා කරෙන් දෙනේ

  7. SL says:

    අනේ මේ ! සීනි වලින් ගහන්න දීපු එකා ,හරියට කරුණු කාරනා එක්ක කතා කරපන්.උඹට යි ,ගුණයක් නැති වර්ධනයටයි ආව චෝදනාව සතොස සුදු ළුණු කිලෝව 150 ටතොග මුදලාලිආට දීල 400 ට ආයෙත් ගන්නවා කියල.වටේ යන්න ඕනේ නැහැ හරියට ප්‍රශ්නෙට උත්තර දීපන් ,කරපු උන් අල්ලලා හිරේ දාපන් නැතිනම් තමුන්ගේ / පවුලේ වත්කම ප්‍රකාශනයක් පහුගිය අවුරුදුඅ 10 ඉදිරිපත්කරමු.

    කම්බ හොරු . මෙඩිකල් ප්‍රොෆෙසර් කෙනෙක් ඊයේ පාර්ලිමේන්තුවේ දී horizontal වුනා.

    හිඟා කාපල්ලා ,නැතිනම් ඔය හොරා කාල ,රට නයකරලා හම්බ කරලා කන ඒවා යාදෙන්නේ නැහැ.

    උඹලට චන්දෙ දීපු මට කියන්න තියෙන්නේ අපි වැටිච්ච වලක් ,කියල තමා …

  8. ගෞම් ඊයාරාජ් says:

    එදා මෙදා තුර දේශපාලකයො කරපු සංවාද අපි දැක්කා , කිසිම හරයක් නෑ , වටේ යනවා , ප්‍රශ්ණයක් ඇහුවහම , මොකක් හරි වැල්වටාරමක් කියලා ශේප් වෙනවා , බුද්ධිමත්තුතු දාහක් එක්ක සංවාද, විවාද කරලා ජයගතහැකී , ඒත් එක මෝඩයෙක් එක්ක සංවාද කරලා ජයග්‍රහණය කරනවා කියන්නේ කරන්න බැරි දෙයක් . මේ වගේ තක්කඩි දේශපාළුවො කරන්නේ උගත්තූ , බුද්ධිමත්තු දේශපාලනයෙන් ඈත් කරන එක , මුන්ට ඔන මුළු රටම අමූ මීහරක් වෙනවා දකින්න. මේ වගේ ගං කබරයො එක්ක සංවාද කරන කාලෙත් අපරාදේ , ඊට වඩා හොදයි මී හරකෙක්ට චේන් රියැක්ශන් එක පැහැදිලි කරලා දෙනවා.

    • ගෞම් ඊයාරාජ් says:

      මම මේක විශේෂයෙන්ම කිව්වේ ජෙප්පෝ ගැන . දේශපාලන සංවාද වලදී උන්ට වැඩිය පොරවල් නෑ . ඒත් ඉතින් භාවිතාව ගත්තම හෙනම බොරුවක් . බොරුවෙන් සහ පම්පොරියෙන් තමයි ජිවත් වෙන්නෙ . කරපු දෙකට තියෙන්නෙ භීෂණ දෙකක් ඇති කරලා රටේ සම්පත් විනාශකරපු එක විතරයි

  9. මිනෝලි මල්ලිකා says:

    අලගියවන්න පට්ට හොරෙක්. නිට්ටඹුවේ සඟබෝධියටත් අවනම්බුවක්.

  10. saman says:

    අනේ මේ ! සීනි වලින් ගහන්න දීපු එකා ,හරියට කරුණු කාරනා එක්ක කතා කරපන්.උඹට යි ,ගුණයක් නැති වර්ධනයටයි ආව චෝදනාව සතොස සුදු ළුණු කිලෝව 150 ටතොග මුදලාලිආට දීල 400 ට ආයෙත් ගන්නවා කියල.වටේ යන්න ඕනේ නැහැ හරියට ප්‍රශ්නෙට උත්තර දීපන් ,කරපු උන් අල්ලලා හිරේ දාපන් නැතිනම් තමුන්ගේ / පවුලේ වත්කම ප්‍රකාශනයක් පහුගිය අවුරුදුඅ 10 ඉදිරිපත්කරමු.

    කම්බ හොරු . මෙඩිකල් ප්‍රොෆෙසර් කෙනෙක් ඊයේ පාර්ලිමේන්තුවේ දී horizontal වුනා.

    හිඟා කාපල්ලා ,නැතිනම් ඔය හොරා කාල ,රට නයකරලා හම්බ කරලා කන ඒවා යාදෙන්නේ නැහැ.

    උඹලට චන්දෙ දීපු මට කියන්න තියෙන්නේ අපි වැටිච්ච වලක් ,කියල තමා …

    • ගෞම් ඊයාරාජ් says:

      මෙඩිකල් ප්‍රොපා තමන්ට කරන චෝදනා පුළුවන් නං ඔප්පු කරන්න , එතකොට ඔය කියාපු දේපල ලියල දෙනවා කියපු ගමන් බොරු චෝදනා කරපු ඖෂධ මාෆියාවේ සැබැ ඒජන්තයා වන කිඹුලා නං horizontal වෙලා ගියා

Main News