ලසන්ත, කිත් නොයාර් ඇතුළු අපරාධවලට සම්බන්ධ වෑන් රියක් අත්අඩංගුවේ..

March 29, 2017 at 8:40 am | lanka C news
ලසන්ත, කිත් නොයාර් ඇතුළු අපරාධවලට සම්බන්ධ වෑන් රියක් අත්අඩංගුවේ..

ගිය රජය කාලයේ ඝාතනයට පත් වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, පැහැර ගෙන පහර දීමකට ලක් වූ මාධ්‍යවේදී කීත් නොයාර් ආදී අපරාධ රැසකට භාවිත කලේ යයි සැක සහිත වෑන් රියක් පිළියන්දල ප්‍රදේශයේ නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසන්නේ මෙම වාහනය අත්අඩංගුවට ගැනීම කරනු ලැබුවේ කීත් නොයාර් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබියිදී බවයි.

58 views
Main News