ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය වැඩ කරයි.. ගෝටාගෙන් ප‍්‍රශ්න කරන්න සූදානම්..

January 23, 2017 at 10:00 am | lanka C news
ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය වැඩ කරයි.. ගෝටාගෙන් ප‍්‍රශ්න කරන්න සූදානම්..

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සිකුරාදා (20 වැනිදා) පැය හයකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. එම ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පසුගිය රජය සමයේ ආරක්‍ෂක ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිහිපදෙනකුගෙන් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක්‌ හෙළි වූ බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

ලසන්ත ඝාතනය සඳහා පැමිණි යුද හමුදා බුද්ධි අංශ කණ්‌ඩායම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්‌වූ කාලසීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය. යුද හමුදාවේ බුද්ධි අංශ කණ්‌ඩායමක්‌ විසින් ලසන්ත ඝාතනය කළ බවට මේ වන විට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටී.

මේ අතර ලසන්ත ඝාතනය කළේ තමන් යෑයි කියමින් කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික බුද්ධි අංශ සැරයන්වරයෙක්‌ පසුගියදා ගෙල වැලලාගෙන මියගියේය.

– දිවයින

4 views

12 Comments to “ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය වැඩ කරයි.. ගෝටාගෙන් ප‍්‍රශ්න කරන්න සූදානම්..”

  1. Justicia says:

    Whoever real murders should be brought before justice.

    • fass says:

      Thane waht about killed 60,000 people

    • Alapaluwa says:

      Dear justica.let add something for you.Most Interesting few words on it!!

      රනිල්ගේ” ගේ සහා රතු අලිපැටියගේ කෘර හස්තය ක්‍රියාත්මක වනබව බොහොපැහැදිලියි.තමන් විසින්සැලසුම්කොට එම ඝාතනය එදා සිදුකොට අද අන් අයව උගුලට අසුකරන්න හදන මු වැනි දේපිටකාටුවෙක් මේ මීහිපිට තියා මුළු සක්වලමත් නැතිව ඇති.තවදේයක් ඔබලාට මතකනම් මේ සිද්දිය පිළිබඳව යම්කෙනෙකු එල්ලී මැරුණා කඩවත කිට්ටුවට ආසන්න ප්‍රදේශයක? ඒ මරණයටත් මේ නපුංසක, සේකා සම්පුරණ වගකීම භාරගතයුතුයි.ඔවු එල්ලී නොමැරුණු මනුෂ්‍යයේකි නමුත් මරා එල්ලා ඇතිබවද කිව යුතුයි මේ නපුංසකයා ඔවුගේ ගෝලබාලයෝ විසින්. සිරිපාල,සිරිපාල කෝමේ සිරිසේනයා?කෝමේ මේ සිරිසේනයා හොඳ බව කියන උදවිය? කෝවක දමාවත් කෙලින් කරන්න බැරි මේවැනි නපුංසකයෙක් ගැන තවත්නම් කවර කථාද.දේවියන්ගේ නාමයෙන් කවුරු කවුරුවත් මේ අසම්මතවූ පට්ටපල් බොරු පිළිගන්න ඉදිරිපත් නොවන්නවා එහේම නොවෙයි.මේය අහස පොළව නුහුල්ලන අපරාධයකි.මේ මහා අසම සම පුරුෂයාට යම් හිංසනයක් වුද එදාට ඔය පොන්නසේකාගේ මරණයත් එයම වේනබවද අමතක නොකරන්න.මොන ආරක්ෂාවත්, ආරක්ෂා වල්ලල්ලක් දැමුවත් එය ඔබට පැමිණෙනවා ඇත.ඒ හා සමානව එයට වඩා දුකක් ඔබට දෙන්න අපි සුදානම් බවද කිවයුතුයි. ඔබට හැකිනම් ඔබගේ වයිරයේන් මුදුන්පත් හිහවාගිය වයිරය පිරිමහාගන්න අපිටත් ඒ හා සමානව මේරට, එරට, කොහෝදී හෝ ඔබටත් දන්වන්න පුළුවන්බවද ඔබ තදින් සිහිපත් කරගන්න.

  2. හෙල යකා says:

    හදවතක් තියෙන සිහලුනේ වරෙව් ලක්ෂ ගනනින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසලට. විජාතික පර හැත්තට පෙන්වමු අපේ ශක්තිය එදාට.

  3. ගැමුණු says:

    ලසන්තගෙ මරණයට ආරක්ශක අංශ සම්බන්ධ බව තහවුරු වෙලා ඉවරයි. එසේ නම් එම සාහසික ක්‍රියාව කල සියල්ලන්ටම නීත්‍යානුකූලව දඩුවම් කල යුතුයි.

  4. රටවැසියා says:

    ෆීල්ඩ් මාශල් …. රෙද්ද තමයි

  5. roshantha kariyawasam says:

    Me hadanne eelaga election ekata kalin mokak hari karanna…real threat for JVP UNP and My3

  6. Champa says:

    ඇත්ත කියන්න. තවත් මොකොටද හංගන්නේ? කැප්පෙටිපොල නිලමේ ආරක්ෂාව බාරව හිටපු වෙල් විදානගේ වැඩ ගැන කියන්න.

    “විෂඝෝර සර්පයා දැක නෑරු මෝඩයා” කියලා පැරැන්නෝ කියපු කතාව පහුගිය ආණ්ඩුව අමතක කරපු එකේ විපාක ඔබ ගෙවන්නේ මොකොටද?

    දැන්වත් සර්පයාව කූඩුවට දාන්න උදව් කරන්න. නැත්නම් සර්පයා “විධායක ජනාධිපති” තනතුර “අහෝසි” කරයි, “ජනමත විචාරණයක්” නැතුවම. Sorry, sorry, මට කියන්න ඕනේ වුනේ ඒකට “සෙනසුරා මාරු වෙන්න” ඕනේ නෑ කියලා.

  7. sira says:

    Lasantha mona haalpaaruwekda? E kaalakanniya rata kaapu ekane kale… Ewage un ratata wedak nehe, thawath innawa ratata wedak nethi kaalakanni, paalanaya karanneth eewage ratata wedak nethi un.

  8. PULATHISI says:

    ගෝඨාභයට බොරු චෝදනා ඉදිරිපත් කරනවා වෙනුවට දැනට ඊනියා යහපාලන රජයේ ප්‍රධාන මෙහෙයුමක් සහ කැබිනට් අැමතින් දෙදෙනෙකු ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව වගකිවයුතු බව විචක්‍ෂණශීලී බුද්ධිමත් ජනතාව මැනවින් දන්නා බව මෙහිලා සඳහන් කළ යුතුය. දැනට අත් අඩංගුවේ පසුවන හමුදා නිලධාරියාගෙන් අපේක්‍ෂාකළ බොරු සාක්‍ෂිය අසාර්ථක වූ නිසා දැන් වෙනත් මාර්ග සකසමින් සිටින බව පැහැදිලිය​.

Main News