ලසන්ත වික්රමතුංගට, වික්ටර් අයිවන්ට පොදු හතුරෙක් විය.. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකායි..- අභිරහස් වලෙන් නැගිටී..
October 30, 2016 at 9:20 am | lanka C news
අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා තම බිරිද සමග 1995 පෙබරවාරි මස 07 වෙනිදා රාත්‍රි 11ට පමණ රාජකාරි අවසන් කර නිවස බලා එමින් සිටියදී කැඩුණු වාහනයක් ඔවුන් යන මග හරස් කර තිබින.
ලසන්ත ඒ අවස්ථාවේ තම වාහනය නවතා ඔවුනට උදව්වක් උවමනාදැයි විමසීමට සූදානම් වෙද්දී මුහුණු ආවරණය කරගත් සිව් දෙනෙකු පැමිණ ලසන්තටත් බිරිඳටත් පහර දුන්හ.
එම පහරදීම් නිසා ලසන්ත බිම ඇද වැටුනු අතර පසුව රෝහල් ගත කෙරින. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර වසර 21ක් ගෙවුණද මේ වන තෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.
එම වසරේදීම එවකට හිටපු චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් ලසන්ත වික්රමතුංගට එරෙහිව අපහාස නඩුවක් පවරන ලදී. 1998 ජූනි මස 17 වැනිදා රාත්‍රි 11ට පමණ ලසන්තගේ නිවසට වෙඩි තැබීමක් සිදුවු අතර නිවසේ ජනෙල් කුඩු වූ නමුත් ජීවිත හානියක් වූයේ නැත. එහිදී වෙඩිතබා තිබුණේ ටී 56 ගිනි අවියකිනි.
චන්ද්‍රිකා දැමු නඩුවේ තීන්දුව ඉන්ද වසර දෙකකට පසු ප්‍රකාශයට පත්වූයේ ලසන්ත වසර දෙකක හිරදඩුවමකට යටත් කොට එය වසර 5 කට අත්හිටුවීමිනි. ඒ අනුව ලසන්ත හිරේ නොගොස් බේරුණේ අනු නවයෙනි.
මෙම තොරතුරු උපාට ගනු ලැබුවේ ඉරිදා දිවයින පුවත්පතේ ‘වලෙන් ගොඩඑන ලසන්ත ඝාතන අභිරහස 4’ යටතේ මේ ඉරිදා පලවන කොටසිනි.
හරිම පුදුමයි නේ ……… ඔය චන්ද්‍රිකා කියන්නේ එයාගේ කාලේ කිසිම කෙනෙකුට හිංසා කරදර වුනේ නැහ කියලා,
බැද්දගානේ සංජිව චන්ද්‍රිකා නෝනට මතකද දන්නේ නෑ ? අපරාදේ මිනිහා දැන් ඉන්නේ වලේ නැතිනම් අහගන්න තිබුනා හුඟක් විස්තර චන්ද්‍රිකා ඇන්ටිගේ වික්‍රම
ඇයි සටන පත්තරේ කතෘ කව්ද මැරුවේ. රූකාන්ත චන්ද්‍රලේකා කොන්ඩේ කපලා අමානුසික ලෙස හිරිහැර කලේ කව්ද? අනෝජා වීරසිංහගේ ගෙවල් ගිනිබත්කරලා කොටී ගනනක් වටිනා ඇගේ සිනමා කෘති විනාශ කලේ කවිද ? මේවා ඔක්කෝම ඔය මහ වලව්වේ හොර මිනිමරු අම්මන්ඩීට අමතකයි. ඒත් තවම ඒවා පොදු ජනතාවට අමතක නැහ.
ඔව්වා දන්නේ නෑ නේ බන් ඊයේ පෙරේදා ඉපදිච්චි උන් .උන් හිතාගෙන හිටියේ මහරජා තමා නරක මිනිහා රනිල්/චන්ද්‍රිකා සුපිරිසිදු අත්වල ලේ ගෑවිලා නැති වැදගත් යහපාලන චරිත කියල .ඉතින් උන් ඇමෙරිකාව ෆේස් බූක් එක හරහා උන්ගේ ඒජන්තයෝ දෙන ලනු කාල මහින්දව එලවලා රටේ අන්තම මිනීමරු හොර තක්කඩි රැලක් බලයට පත්කලා .
දැන් මහබැංකුව කාලා ,අරහෙන් කොටි නැගිටිනවා මෙහෙන් උන්ට විරුද්දව අපිට නැගිටින්න බැරිවෙන්න එක්සත්ජාතීන්ගේ හමුදාවක් ලංකාවට ගෙන්න පුළුවන් විදියට පනතක් ගෙනල්ලා මෙහෙන් මාන්න පොංගල් ෆෙඩරල් ගෙනල්ලා රට බෙදල දෙනවා
ඊයේ පෙරේදා කොල්ලෝ දන්නවද 88/89 කාලේ මිනි කඳු ලංකාව පුරාම තිබුණු හැටි අවාසනාවකට දැන් කාලේ එකාලගේ අතේ තියෙන ෆෝන් අපිට තිබුනේ නෑ ඒ කාලේ තිබුනානම් හොරෙන්ම බාගෙට පිච්චෙන මිනි කන්දක් පසුබිමේ තියල සෙල්ෆියක් ගහල අද කාලේ ෆේස් බූක් එකේ දාන්න තිබුනා . අන්න එහම කලානම් අද කාලේ ඉන්න ගොන් හරක් තරුණයන්ට පොඩ්ඩක් වගේ මොලේට යනවා
සටන කර්තෘගේ බිරිඳ තාමත් චන්ද්‍රිකාට පොල් ගහනවා
පුදුම වැඩේ කියන්නෙ, කොච්චර පොල් ගැහුවත් මේ වෙල් පාසිට ඉහෙන් බහින රෝගයක් නෑනෙ.
meeewa dan inna unn danne naha unta onne joliye innna echaraiii!!!!…. toiyantath ehema thamaii…