ලසන්ත වික්‍රමතුංගට වූ දේම යහපාලන පෙරගමන්කරැ තුසිත හල්ලොලුවටත්.. නිල නොවන ආයුධ කල්ලියක් ලුහුබැඳී..

February 19, 2017 at 12:00 pm | lanka C news
ලසන්ත වික්‍රමතුංගට වූ දේම යහපාලන පෙරගමන්කරැ තුසිත හල්ලොලුවටත්.. නිල නොවන ආයුධ කල්ලියක් ලුහුබැඳී..

95 පෙබරවාරි 7 වෙනිදා රාත්‍රි 11ට පමණ ලසන්ත තම බිරිය සමඟ වැඩ නිමකොට ගෙදර බලා එමින් සිට්න විට කැඩුණු රථයක් ඔහුන් යන මග හරස් කරමින් තිබූනි. එහිදි ලසන්ත ඔහුනට උදව්වක් අවශ්‍යයිද විමසීමට සැරසෙද්දී මුහුණ ආවරණය කරගත් සිව් දෙනෙකු රියෙන් බැස ලසන්තටත් බිරිඳටත් පහරදීමට පටන් ගත්හ. පහරදීම් නිසා ලසන්ත බිම ඇද වැටුනි අන්තිමේදී ඔහු රෝහලට ඇතුලු කලහ. බිරියටද මැරයෝ පහර දුනි, මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කලත් වසර 21ක් ගතවීත් මේ වන තෙක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.
එම වසරේදීම චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් ලසන්ත වික්‍රමතුංගට එරෙහිව අපහාස නඩුවක් පවරන ලද්දේය, 1998 ජූනි 17 වැනිදා රාත්‍රි 11ට ලසන්තගේ නිවසට වෙඩි තබන ලදි. මෙහිදී නිවසේ ජනෙල් කුඩු වූ නමුත් ජීවිත හානියක් සිදු වූයේ නැත. වෙඩිතබා තිබුණේ ටී 56 කිනි, ඉන් වසර 2 කට පසු චන්ද්‍රිකා දැමු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්විය, ඔහු වසර 2 කට හිරදඩුවමකට යටත් කොට එය වසර 5 කට අත්හිටුවීමයි, ඒ අනුව ලසන්ත හිරේ නොගොස් බේරුණේ අනු නවයෙනි.

ඉහත ලිපි පෙල ඉරිදා දිවයින පුවත්පතේ ” වලෙන් ගොඩඑන ලසන්ත ඝාතන අභිරහස 4″ යටතේ මේ ඉරිදා පලවන කොටසන් උපුටා ගැනිමකි.

“පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති පිරිසක් ඩිමෝ බට්ටා වෑන් රථයකින් හල්ලොලුව මහතාගේ මහ ගෙදරට ගොස් හල්ලොලුව කව්දැයි විමසමින් නිවසේ සිටි වියපත් මව සහ පිරිස බියපත් කර තිබේ. අවට නිවාස වලින්ද හල්ලොලුව කියන්නේ කව්දැයි විමසමින් බියපත් කර ඇත”. වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

අද රටේ යහපාලන ආණ්ඩුවක් ඇත. එම ආණ්ඩුව බලයට ගෙන ඒමට දිවා රෑ නොබලා විශාල කාර්යය භාරයක් කල ප්‍රධාන පුද්ගලයෙකි තුසිත් හල්ලොලුව ඔහු එදා මෙන් අදත් මෙම රජය ආරක්ෂා කර ගැනිමටත් එහි ඇති අඩුපාඩු බලධාරීන්ට පෙන්වා දි ඒවා නිවැරැදි කරන ලෙසත් දන්වන නිර්භීතව ක්‍රියාකරන අයෙකි.

විශේෂයෙන්ම යහපාලන රජය සමඟ තරමක් නොක්කාඩු වී සිටින මහාචාර්ය සරත් විජේසුරිය ඇතුළු සිවිල් සංවිධාන තරමක් හෝ ජනාධිපතිවරයා සමඟ බැද තබා ගැනිමටත් මොහු මේ වනවිටත් කටයුතු කරමින් සිටින පුද්ගලයෙකි.

දිගින් දිගටම රජයේ අදුර දර්ශි වැඩ සම්බන්ධව තරමක් කලකිරිමෙන් පසු වන තුසිත සැමවිටම පවුල්වාදයට එරෙහිව හඩ නැගු පුද්ගලයෙකි. මෑතකදී රටේ ඉහළම පුද්ගලයෙකුගේ දියණියක් සම්බන්ධව මෙන්ම ඔහුගේ සහෝදරවරුන්ගේ ක්‍රියාකාරකම් නිසා කිසිදා මහින්ද රාජපක්ෂජනාධිපතිවරයා පරදවා බලයට ඒමට බැරි පරිසරයක් ඉතා අමාරුවෙන් මහන්සි වී බිහිකළ ආණ්ඩුව නොහිතපු ලෙස විනාශ වනවා දැකිම සම්බන්ධව තරමක් කලකිරීමෙන් පසුවන තුසිත හල්ලොලුව වැන්නටත් වර්තමාන ආණ්ඩුව යටතේ ජීවිත තර්ජන එල්ලවීම ආරම්භ කොට ඇත.

සබැඳි පුවත මෙතනින්

49 views

2 Comments to “ලසන්ත වික්‍රමතුංගට වූ දේම යහපාලන පෙරගමන්කරැ තුසිත හල්ලොලුවටත්.. නිල නොවන ආයුධ කල්ලියක් ලුහුබැඳී..”

  1. jayadewa says:

    meekea mona yahapalanayakda? meka path karapu hema ekaatama anthimata ungea ayagenma maerum kanna wenawa niyathai.

Main News