ලසන්ත වික්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..
September 28, 2016 at 10:00 am | lanka C news
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට ගන්නා ආයුධයකින් වෘත්තීය මට්ටමේ ඝාතකයෙක් විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුගේ නිල නිවසේදී ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී හෙලි කර සිටියේය.
‘ලසන්ත ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට යොදා ගන්නා ආයුධයකින් වෘත්තීය ඝාතකයෙක් විසිනුයි. මේ සිදුවීම ගන අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට අණ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්ද හිටපු ජනාධිපතිද නැතොත් වෙනත් කෙනෙකුදැයි කිව යුතුයි’ යයිද රාමනායක මහතා පැවසීය.
භාරත ලක්ෂ්මන්, වසීම් තාජුඞීන් ලසන්ත වික්‍රමතුංග ආදී ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ඍජුව හෝ වක්‍රව සම්බන්ධ බවත් එවා සැගවීමට උත්සහ දරන ඔහු පෙන්වා දුන්නේය.
බැටලූවන් මරන්නට ගන්නා උල් ආයුධයකින්ම ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදී විමසූ කල දේහය ගොඩගත්තේ පරීක්ෂණ කිරීමට බවයි.
එවිට මාධ්‍යවේදීන් පෙරලා ප්‍රශ්න කලේ තවමත් පරීක්ෂණ ආරම්භ කර හෝ නැති තත්වයකදී බැටලූවන් මරන ආයුධයකින් ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමෙන් පසුව පෙර වාර්තා කල උණුසුම් තත්වය ඇති විය.
I’m sure people recall the way you spoke about “Kondaya” murdering Seya
මෙතෙක් කල් රං ගොංජාගේ සිල්වෙස්ටර් අල්පොන්සු වූ මා මෙතැන් සිට බැටළු රංජාගේ සිල්වෙස්ටර් අල්පොන්සු ලෙස මාගේ නම වෙනස් කල බව මට ඡන්දය දුන් සියළුම එළ මී ගවයින්ට මෙයින් දැනුම් දෙමි.මීළඟ මැතිවරණයේදී එළ මී ගවයිනට අමතරව එළු බැටළුවන්ද මාගේ මැතිවරණ ව්‍යාපාරයේ පූර්ණ කාලීනව යෙදෙන බව සියලු සිව්පාවුන් වෙත සතුටින් දැනුම් දී සිටිමි.
Ara Seya duwa marapu hetith ayeth kiyannako uncle….Thawa eka parayi…Ane uncle.