ලසන්ත වික්‍රමතුංග මැරුවේ ෆොන්සේකා කියා අපි සැක කලේ ඉස්සර.. දැං එහෙම සැකයක් නෑ..
March 23, 2017 at 12:18 am | lanka C news
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ සරත් ෆොන්සේකා යයි එකල තමනට සැකයක් තිබුනද දැන් එසේ සැක නැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සුජීව සේනසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
එම ඝාතකය තමන් සම්බන්ධ වූයේ නැතැයි සරත් ෆොන්සේකා මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවද කී ඔහු රාජපක්ෂවරුන් මීනිමරු කල්ලියක් හරහා එකල ඝාතනයන් කරවූ බවද ඊට සම්බන්ධ සියළු දෙනා නීතිය හමුවට කැදවෙනු ඇතැයිද සදහන් කලේය.