ලහිරු ජනිත් තරුණයා හෝකන්දර ගෙදරදී මිය යාම ගැන විමල් පාර්ලිමේන්තුවේදී මුල් වරට කියයි..
December 11, 2016 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතගේ හෝකන්දර පිහිටි නිවසේදී තරුණයෙක් මිය යාම ගැන පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂය විසින් ඒ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පිලිතුරු දුන්නේ මෙසේය.
සේනසිංහ අහනවා ලහිරුව මැරුවද මැරෙව්වද කියලා. බූරුවෙක්වත් අහන්නේ නැති ප්‍රශ්ණයක්. මිනීමැරුමක් නම් ආයේ මොනවා හොයන්නද? බැලූබැල්මටම පොලීසියට තේරෙන්න එපෑය.
දස වධ දීලා අමු අමුවේ හැටදාහක් තරුණයෝ මරපු UNP ආණ්ඩුවේ ඉඳගෙන, සේනසිංහ අහනවා හෘදයාබාධයකින් ස්වාභාවිකව මැරුණු කොල්ලෙක් මැරුවද කියලා.
මිනීමරුවෝ හිතනවා අනිත් මිනිස්සුත් මිනීමරනවා කියලා. ඒකයි UNP කාරයෝ විමල්ගෙන් එහෙම අහන්නේ.
තලංගම පොලීසියේ නිලධාරීන් මාරු කරලා වරදක් නොකරපු කෙනෙක්ව මිනීමරුවෙක් කරන්න පුළුවන් නම් මේ රටේ නීතියක් මොකොටද?
විමල් ඔබ වෙනුවෙන් මුළු රටම ඉන්නවා. ජනතාව කවදාවත් ඔබව අතාරින්නෙ නැහැ. ඔබට තරම් ප්‍රශ්ණ, පීඩන, අවලාද වෙන කිසිම දේශපාලකයෙකුට ආවේ නැහැ. ඒත් ඔබ ඒ කිසි දෙයකින් නොසැලී නොබියව රට වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා. ඔබ කවදාවත් ඔබේ ප්‍රතිපත්ති වෙනස් කලේ නැහැ. ගිය අවුරුද්දේ වගේම අදටත් මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන එකම බලාපොරොත්තුව ඔබ.
සේනසිංහ මොන පඟර නැට්ටෙක්ද? ජනවාරි 8 පැරදිලා ගෙදර යවපු මහින්දවත් ආපහු ගෙනල්ල ගිය අවුරුද්දේ ඔබ කවුද කියලා ඔබ මුළු රටටම පෙන්නුවා. ඊළඟට පාද යාත්රාවේදී ඔබේ ශක්තිය මුළු රටම දැක්කා. අපි ආපහු ඔබෙන් ඒ නායකත්වය බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි 18 පටන් ගත්ත “මහින්ද සුළඟ” වගේම ෆෙඩරල් ව්‍යවස්ථාවෙනුත් ETCA ගිවිසුමෙනුත් ගැලවෙන්න ජනතාවට නායකත්වය දෙන්න විමල්.
ආණ්ඩුවෙන් මොන පීඩනයක් ආවත් ඔබේ ශක්තිය කවදාවත් අඩු වුනේ නෑ. ඔබ නැතුව වෙන කවුද ඉන්නේ රටටම ශක්තිය දෙන්න? ඔබේ හඬ මුළු රටටම ධෛර්යයක්. ඔබ කිව්වා 2017 ආණ්ඩුව ගෙදර යවන අවුරුද්ද කියලා. ලෑස්ති වෙමුද?