ලාංකිකයකු පකිස්තානයේදී මහ පාරේ මරා පුච්චයි..

December 4, 2021 at 12:02 am | lanka C news
ලාංකිකයකු පකිස්තානයේදී මහ පාරේ මරා පුච්චයි..

පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින්ගේ පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර දී ඝාතනය කර පුළුස්සා මරා දමා ඇතැයි එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවිය අද (03) වාර්තා කළේය.

මෙලෙස අවාසනාවන්ත ලෙසින් ඝාතනයට ලක්ව ඇත්තේ ප්‍රියන්ත කුමාර නමැති පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු බව සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් පැවසුවේය.ඔහු සියල්කොට්හි පදිංචිව සිටි අයකු බවද පැවසේ.

සියල්කොට් නගරයේ වසිරාබාද් පාරේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පෞද්ගලික කර්මාන්තශාලා සේවකයන් කර්මාන්ත ශාලාවක අපනයන කළමනාකරුට පහර දී ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුරට පුළුස්සා දමා ඇති බව වාර්තා වේ.

මෙම ලාංකිකයාගේ ඝාතනය පිටුපස ඇති අරමුණ පිළිබඳව පක්සිථාන පන්ජාබ් පොලිසිය මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බුස්ඩාර් මෙම ඝාතනය ගැන අවධානය යොමු කරමින් කියා සිටියේ මෙය ඉතා ඛේදජනක සිදුවීමක් බවත් , සිද්ධිය සම්බන්ධයෙන් සෑම අංශයක්ම සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට පන්ජාබ් පොලිසීයට නියෝග කර ඇත.

නීතිය අතට ගන්නා අයට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි.” පන්ජාබ් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කර ඇතැයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

සියල්කොට් ප්‍රෙද්ශයේ සිදුවී මෙම අමානුෂික සිද්ධිය ගැන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමටද ඔහු නියෝග කර ඇත.

එම කර්මාන්ත තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

අපහාස කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බව පාකිස්ථානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළ තිබුණ ද , මූලික විමර්ශනයෙන් පසු තොරතුරු මාධ්‍ය සමඟ බෙදා ගන්නා බව සියල්කොට් පොලිසියේ ප්‍රකාශක පවසා ඇත.

– lankadeepa

115,784 views

46 Comments to “ලාංකිකයකු පකිස්තානයේදී මහ පාරේ මරා පුච්චයි..”

  1. Ayotallah says:

    This is a tragic incident for a Sri Lankan who has to faced the Islamic extremists who killed him and burned his body and took selfies victoriously and did not hide their identity. This is the same group which campaigned to boycott french products. Sri Lankan people should wait until we all know exactly what happened as the PM Imran Khan has promised full inquiry within 48 hours. This Islamic extremism is spreading in the west where we witnessed the killings of whites in large numbers using knives

  2. ළසන්කා says:

    අපි ඉස්ලාම් සහ ඉස්ලාම්කරනය යනදෙකේ වෙනස වටහා ගතයුතුයි .ඉස්ලාම්කරනය යනුමුලු ලොවම ඉස්ලාම් කලයුතුයි ශරියා නිතිය රටේනිතිය වියයුතුයි කියල කියන ඒ වෙනුවෙන් විවිධාකාරයෙන් වඩ කිරීම.මිනී මරීමෙ ඉන්දල අන්‍යාගමිකයන්ගේ පිළිම කඩීමේ සිට රටේ නීති වෙනස් කරගනීම ,බාලවයස් විවාහ නීතිගත කරගනීම ,බුර්කා නිත්‍යානුකූල කරගනීම, රටේ පෙලපොත් වලට අන්තවාදි ඉගෙන්වීම් අතුලත් කරගනීම,ජාතික ගුවන්විදිලියෙන් අන්තවාදී දෙශනා ප්‍රචාරය කිරීම ලිබරල් වාදී රාජිත්,සජිත් ,චන්ඩ්‍රිකා ,සිරිසේන ,මහින්ද ,බෙසිල් වෙනි දෙශපාලුවන් රවටා ගෙනීම වෙනි සියලු කාරනා අතුලත්

    • cobra says:

      ඉස්ලාම් අන්තවාදීන් අනුගමනය කරන්නේ කුරාණයේ ලියා ඇති දේවල් ..කුරාණය වෙනස් කිරීම හෝ තහනම් කිරීම කල යුතුයි මෙය මුළු ලොවටම පිළිලයක්. ත්‍රස්තවාදය නැතිකිරීමට නම් මෙවැනි ආගම් ඇදහීම් නතර කල යුතුයි …මෙය ආගමක් නොවේ රටවල් ,මිනිසුන් ආක්‍රමණය කරන මරණ යටත් කරන, බලවේගයක් පමණයි …අපේ රටේ සමහර ප්‍රසිද්ධ දේශපාලකයොත් මැදපෙරදිග ගිහින් කුරාණේට වදිනවා .. අරාබියේ මුදල් බලයට ,ලැජ්ජයි

  3. ජබීර් says:

    කෝ මේ සජියා. ලාංකික යෙක් නිරුවත් කර ලේ පෙරි පෙරී පාර දිගේ ඇද ගෙන ගිහින් පාර මැදදීම පනපිටින් පුලුස්සා මරා දමන හැටි මාධ්‍ය හරහා වීඩියෝ වල පෙනෙනවා. නිකම් වත් විරුද්ධව කතා කලේ නැහැ.

    • CAT says:

      මුස්ලිම් ජන්ද ලබා ගැනීමට අවශ්‍ය නිසා සජිත් නිහඩයි …මෙවැනි අවස්ථාවාදී මෝඩයෝ නැවත අපේ රටේ පාර්ලිමේන්තුවට යැවීම නොකළ යුතුයි

  4. ටිංකිරා says:

    දැන් බලමු මහ ලොකු ඉම්රාන් ඛාන් නීතිය ක්‍රියාත්මක කරන හැටි. හරි විදිහට නම් ඔය මිනීමරු රැලටම මරණ දඬුවම දෙන්න ඕනෑ. නිරායුද මිනිසකු මේ විදිහට මරා දැමුවාට.

  5. බූරු පුතානෝ says:

    යකෝ පුදුම පොලිසියක්නේ පාකිස්තානයේ තියෙන්නේ. මේ මනුස්සය පනපිටින් පුලුස්සද්දී උන් යුනිෆෝම් පිටින් බලාගෙන ඉන්නවා. නිකම් වත් බේරා ගන්න බැලුවේ නැහැ.

    • SARA says:

      කුරාණේට අනුව ඉස්ලාම් ආගම විශ්වාස නොකරන( nonbelievers ) පුද්ගලයකු මැරීම අල්ලාගෙ පරාදිසියට යෑමට අවස්ථාව ලැබේ …The Quran contains at least 109 verses that call Muslims to war with nonbelievers for the sake of Islamic rule.Quran 2:191-193 – And kill them wherever you find them, and turn them out from where they have turned you out.

  6. කුඹූක්කණ් says:

    ත්‍රස්තවාදය ට තවත් නමක් ඉස්ලාම්..

    ඉස්ලාම් අන්තවාදීන් කියලා එකෙක් නෑ
    ඉස්ලාම් යනු අන්තවාදී ත්‍රස්තවාදින්

    අන්තවාදය ඇත්තේ කුරාණයේ.

    සියලුම ඉස්ලාමිකයන් කුරාණය පිලිගන්නවා , ඒක නිසා
    ඉස්ලාම් = අන්තවාදී ත්‍රස්තවාදීන්

Main News