ලාංකිකයන් ලංකාවෙන් පිටත විශාලතම ජන රැළිය සූදානම්.. කොටි බල බිදින්න චන්න ජයසුමන ජිනීවා වෙත..
March 7, 2019 at 12:00 pm | lanka C news
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සම අනුග්‍රාහකත්වය ලබා දුන් 30/1 යෝජනාව ඉල්ලා අස් කරගන්නා ලෙසත්, ශ්‍රී ලංකාවට එරෙහි විදෙස් අත පෙවීම් වහා නතර කරන ලෙසත් බල කිරීමට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කරන උද්ඝෝෂණය සහ රැළිය එළැඹෙන මාර්තු 10 දින සවස 1ට ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය අභියස පැවැත්වේ.
යුරෝපය පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් එදිනට ජිනීවා නුවරට පැමිණෙන බව මේ වන විටත් තහවුරු කර ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා පැවසීය.
උද්ඝෝෂණය සහ රැළිය ඇමතීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා එදිනට ජිනීවා නගරයට පැමිණෙන බව ද කීර්තිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම උද්ඝෝෂණය ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වෙන විශාලතම ජන හමුව වනු ඇති බව සැලකේ.
මාධ්‍ය අංශය
ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය