ලාංකිකයන් ලක්‍ෂ 06කට වැඩි පිරිසක් රට හැර යන්න පෝලිමේ.. වීසා අංශ හෙලි කරලා..

July 16, 2021 at 11:20 am | lanka C news
ලාංකිකයන් ලක්‍ෂ 06කට වැඩි පිරිසක් රට හැර යන්න පෝලිමේ.. වීසා අංශ හෙලි කරලා..

නව රජය බලයට පත්වීමෙන් පසු ‍ශ‍්‍රී ලාංකිකයන් හය ලක්ෂයට වැඩි සංඛ්‍යාවක් රටින් පිටව යාම සඳහා වෙනත් රටවලින් වීසා අයදුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙසේ අයිති වීසා ඉල්ලා ඇති පිරිසෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් වීම විශේෂ බවත් උගතුන් ව්‍යාපාරිකයන් වෘත්තීයවේදීන් මේ ආකාරයෙන් රට හැර යාමෙන් බුද්ධිගලනය වීම මත ශ්‍රී ලංකාව ඉදිරියේ දී විවිධ අංශයන්ගෙන් පසුබැස්මට ලක් වනු ඇතැයිද ඔහු පැවසීය.

මෙම වසරේදී මේ ආකාරයෙන් වැඩිම වීසා ප්‍රමාණයක් අයදුම් කර ඇතැයි ද පැවසූ ඔහු ලාංකිකයන් වීසා අයදුම් කර මේ ප්‍රතිශතය මෙතරම් ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය යැයිද සඳහන් කළේය.

වීසා අයදුම් කිරිම අතින් යුරෝපා රටවල්, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා කැනඩාව ප්‍රමුඛස්ථානය සිටින බවත් වීසා නිකුත් කිරීමේ සේවා වලින් ඉහත තොරතුරු තහවුරු වී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලාංකිකයන් රට හැර යාමට ප්‍රධාන හේතු වී ඇත්තේ ආර්ථිකය හැසිරවීම හා රට ස්ථාවර කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වීම නිසා බවත් පැවසූ ඔහු මෙවැනි තත්ත්වයන් ඇති වීම මත ආර්ථිකයටත් අනාගතයටත් දැඩි ලෙස බලපාන බව තව දුරටත් කියා සිටියේය.

54,766 views

30 Comments to “ලාංකිකයන් ලක්‍ෂ 06කට වැඩි පිරිසක් රට හැර යන්න පෝලිමේ.. වීසා අංශ හෙලි කරලා..”

  1. ජනජය says:

    අපේ කාලෙ නං සිංහල බෞද්ධ කට්ටිය ඇරියෙ පරලොව ..නේ…අනේ වජිරයෝ..ජරාව කාලම අර බැහැල තියෙන ඇටේ හදාගන්න බැලුවනං….ඔය උඹල ගණං කියන කොට අපි දන්නව බොලගෙ කවුරු කවුරුත් පනින්න තමයි ලෑස්ති වෙන්නෙ කියල ඉස්සරහට බොලට එන ප්‍රශ්න වලින් බේරෙන්න…බලපිය ඉස්සරහට රටේ මිනිස්සු දාලා යනවද ..නැත්නං පිටරට වල තවත් ඉන්න බැරි නිසා මිනිස්සු ලංකාවට එනවද කියල …!

  2. Ms.commonsense says:

    Ow ithin rate kalith godak aithi wena rata walatane dan 😁😅.

  3. Rathna says:

    මු කියන දේ සත පහකට ගනන් ගන්න බෑ මුන් මහ බැන්කුව හොරා කාලා දැන් එනව බයිලා ගහන්න

Main News