ලාංකික විදෙස් ශ්‍රමිකයෝ රිදෙන පාඩමක් උගන්වති.. ලංකාවට ඩොලර් එවීම අඩුම කරති..
July 18, 2017 at 6:28 am | lanka C news
විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය 15.6% කින් අඩු වී තිබේ.
2016 අප්‍රේල් මාසයේදී විදේශ ශ්‍රමිකයින් විසින් ඩොලර් මිලියන 578ක මෙරටට එවනු ලැබුවත් මෙම 2017 වසරේ අප්‍රේල් මාසයේදී එවා ඇත්තේ ඩොලර් මිලියන 487.9ක් පමණි.
මේ බව දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවෙහිය.