ලාංකීය නිෂ්පාදනවලට භූගෝලීය දර්ශක..
May 23, 2017 at 2:06 am | lanka C news
ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා භූගෝලීය දර්ශක හඳුන්වා දීම සම්බන්ධයෙන් වන සංවාදයක් ඇති කරලීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත් වේ.
එම සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ස්ටෙෆාන් පසේරි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේදී ඇමති දයා ගමගේ සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
කෘෂි නිෂ්පාදනය අපනයන ක්ෂේත්රයේ නියැලී සිටින පෞද්ගලික අංශයේ පරදු දරන්නන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන මෙම සංවාදයේ අරමුණ වන්නේ භූගෝලීය දර්ශක සහිත ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා දේශීයව හා විදේශීයව වෙළෙඳපොලක් ලබා ගැනීමයි.
තෝරාගත් ශ්‍රී ලාංකීය නිෂ්පාදනවලට භූගෝලීය දර්ශක සඳහා ලියාපදිංචිය, ආරක්ෂාව සහ අදාළ කටයුත්ත සඳහා මාර්ග සිතියමක් සැකසීම හා සම්පත් යෙදවීම පිළිබඳව එම සංවාදයේදී සාකච්ඡා කෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් වන දෙදින වැඩමුළුවක් ජගත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ස්ටෙෆාන් පසේරිගේ මෙහෙයවීමෙන් මැයි 24 වැනිදා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේදී ආරම්භ වේ
– ජෝර්ජ් පෙරේරා