ලාෆ් ගෑස් ලීටර 18 සිලින්ඩර අත්අඩංගුවට ගන්නැයි නියෝග….

April 25, 2021 at 1:20 pm | lanka C news
ලාෆ් ගෑස් ලීටර 18 සිලින්ඩර අත්අඩංගුවට ගන්නැයි නියෝග….

ලාෆ් සමාගම විසින් දිවයින පුරා වෙලදපොල වෙත නිකුත් කල ලීටර් 18 නව ගෑස් සිලින්ඩර වහාම අත් අඩංගුවට ගන්නා ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් එහි වැටලීම් අංශයේ ප්‍රධානියා වෙත නියෝග කොට ඇත බව වාර්තාවේ.

මෙරටේ සම්පූර්ණ ගෑස් වෙළෙඳාම ප්‍රධාන සමාගම් 2 ක් විසින් සිදුකරන අතර එය ජාත්‍යන්තර ෂෙල් සමාගමේ අනුප්‍රාප්තිකයා වන ලිත්‍රෝ ගෑස් පුද්ගලික සමාගම සහ මෙරටේ ප්‍රධාන පෙලේ ආයෝජකයකු වන ඩබ්ලිව් කේ එච් වේගාපිටිය මහතාට අයත් ලාෆ් ගැසක් යන සමාගම්‍ ය,

ඉහත සමාගම් 2 විසින්ම මේ වනවිට වෙළෙඳපොළට සමාගමේ නව නිෂ්පාදනයන් ලෙස දැනට වෙළෙඳපොලේ අලෙවිකරන ගෑස් සිලින්ඩරවලට අමතරව හයිබ්‍රිඩ් වර්ගයේ ලීටර 18 ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හදුන්වා දුන්නේ පසුගිය සතියේදී සිට මසකට 4 දෙනෙකුගෙන් යුක්ත පවුලකට රුපියල් 1395/= ලෙස සටහන් කරමිනි.

එහෙත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය නිසියාකාරව දැනුවත්කොට අවසරයක් ලබා නොගත්තේය යයි පවසමින් එම නව නිෂ්පාදනයන් වෙළෙඳපොලින් ඉවත් කල යුතු බවට පාරිභෝගික සේවා අධිකාරිය මේ වනවිට නියෝග කොට ඇත.

34,948 views

13 Comments to “ලාෆ් ගෑස් ලීටර 18 සිලින්ඩර අත්අඩංගුවට ගන්නැයි නියෝග….”

  1. Truth says:

    ඔය ගෑස් ටැංකි වලට උපරිම දඩුවම් ලබා දෙන්න සර්. රෙස්පෙක්ට්. 👍

  2. කර්මය says:

    මෝඩ කෑදර ව්‍යාපාරිකයෝ. ඔහොම වංචාවෙන් කපටිකමින් මිනිස්සු හූරා කාලා ලාබ ලැබුවා වගෙයි නෙවෙයි, විපාක එන කොට.

    • King Bull says:

      විපාක අපිටම තමා. බලං හිටහං. උන් ඔක්කොම යාලුවො මල්ලි .

      • Amare says:

        ඔබ හරි. මුන් ඔක්කෝම අපිව ගොනාට අන්දනවා

  3. Bara emathi kiyana de wedi. Api campus eke chek kala. Boru boru kreeda gura danna kehelmalak on your mark get set gedara GO

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඩඩ්ලි ලොක්කට දාපු සත්තම් තාම මතකයි.අන්තිමට ගෑස් ටැන්කි වැරදිකාරයො කලොත් පුදුම වෙන්ට එපා

  5. නාරිලතා says:

    ගෑස් නාට්‍ය එන්න කලින් කොචිචර පබිලිසිටියක් තිබුනාද ? අධිකාරිය එතකොට ලබුකිරිබත් උය උයාද හිටියෙ ? ගෑස් සිලින්ඩරේ , සාඩින් ටින් ගානට පුංචි වෙලා, පරන මිලටම ගන්නකොට…. ( සභාවෙි අත්පොලසන් මැද මුදලාලිගේ තටිටය දිලිසුණ අන්දම ටී. වී එකේ පෙනේ)

  6. Priyanth says:

    අපි ගත්ත ඒව මොකද කරන්නෙ

    • King Bull says:

      ඒවත් අධිකාරියෙන් අත්අඩංගුවට ගන්නව . නීති විරෝධී භාණ්ඩ ලඟ තබාගැනීම වරදකි .

  7. Gastric says:

    Not only gas cylinders but the chairman and heads of the Litro gas company should also be arrested for attempt of cheating and robbing the innocent public.

  8. New helaya says:

    Anduwa ekak ne litro gas meka anduwe Un laughs gas karaya ekathu wela karapu wadak mun eka kiyanne naha

  9. Ayotallah says:

    The best option is to CONFISCATE the 18 Cylinder gas tanks immediately and file a case in Courts for charging the Consumers without obtaining proper authority from the Government. This will cause their EYES to Prop up

  10. සාධාරණ මිනිසා says:

    සියලුම හයිබ්‍රිඩ් ගෑස් ටැංකි සිරගත කරන්න

Main News