ලිට්රෝ ගෑස් පාරිභෝගිකයා ඇන්දවීමක.. ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා…

April 23, 2021 at 12:00 pm | lanka C news
ලිට්රෝ ගෑස් පාරිභෝගිකයා ඇන්දවීමක.. ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය…

ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයා ඇන්දවීමක!ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා. වෙළද ඇමති නිදි!

මෙරට ගෘහස්ත පරිභෝජනයට ලබා ගන්නා ගෑස් සැපයුම සිදුකරනු ලබන්නේ සමාගම් දෙකක් විසින් වන අතර ඉන් එක් සමාගමක් පුද්ගලික සමාගමක් වන අතර අනෙක් සමාගම රජයට අනුබද්ධ සමාගමකි. එම සමාගම වන්නේ ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් (Litro Gas Lanka Ltd.) සමාගමයි. එම සමාගම විසින් ඉතා මෑතකදී ප්‍රීමියම් හයිබ්‍රිඩ් නමින් ගෑස් සිලින්ඩරයක් හදුන්වා දී පාරිභෝගිකයා ‌ගොනාට අන්දවමින් හා මෙරට නීතිය උල්ලංඝණය කරමින් සිටින ආකාරය පිළිබදව වන හෙළිදරව්ව මෙසේ සිදුකරමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18 වන වගන්තිය අනුව ගෘහස්ත ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර පාලන මිලක් පනවා ඇත. ඒ අනුව විවිධ ප්‍රදේශ වල ගෘහස්ත ගෑස් අලෙවි කල හැකි මිලක් නියම කර ඇත.

බස්නාහිර පළාත තුළ 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= කි. ඒ අනුව ගෑස් 1 Kg එකක මිල වන්නේ රුපියල් 119.44 කි.

ලිට්රෝ සමාගම විසින් නවතම හදුන්වාදීමක් ලෙස සදහන් කරනු ලබන ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය වන්නේ ලීටර 18 කි. ලීටර 18 ක් යනු ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 9.18 කි. (ගෑස් 1 kg = 1.96 ලීටර) නැතහොත් (ගෑස් ලීටරයක් යනු 0.51 කිලෝ ග්‍රෑම්) කි.

මේවන විට බස්නාහිර පලාත තුළ 12.5 kg ක ගෑස් සිලින්ඩරයක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= කි. ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44 කි.

ලිට්රෝ සමාගම පාරිභෝගිකයා ගොනාට ඇන්දවීමේ නවතම ක්‍රමවේදය අනුව ලීටර 18 ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96 කි. එම ගෑස් සිලින්ඩරයට ගෑස් කිලෝ 12.5 ක් පිරවූයේ නම් අදාල මිල වන්නේ රුපියල් 1899.50 කි.

ඒ අනුව නවතම සිලින්ඩරයේ ගෑස් කිලෝ එකකින් රුපියල් 32.52 ක පාඩුවක් පාරිභෝගිකයාට සිදුවනු ලබයි. ගෑස් සිලින්ඩරයකින් පාරිභෝගිකයාගෙන් ගසා කන මුදල රුපියල් 406.50 කි. මේ අනුව පෙනී යන්නේ ලිට්රෝ ගෑස් සමාගම මෙරට පාරිභෝගිකයින් ගොනාට අන්දවමින් හා වලංගු නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනු ලබන් බවයි.

ඔවුන් පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට උත්සහ කරන්නේ මෙම ගෑස් සිලින්ඩරයේ ඇත්තේ වෙනස් ආකාරයක ගෑස් බවයි.නමුත් ලිට්රෝ ගෑස් සමාගමේ තාක්ෂණික නිළධාරීන් අප වෙත පැවැසූවේ මිලෙහි ඇති ප්‍රශ්ණය නිසා මෙසේ කරන අතර ගෑස් වල කිසිදු වෙනසක් නොමැති බවයි.

ගෑස් මිල වැඩි කිරීම සදහා කිහිපවරක්ම ලිට්රෝ ගෑස් සමාගම උත්සහ කළ අතර ඒ සදහා රජයේ අවසරය හිමි නොවීය. එම නිසා මේ ආකාරයට පාරිභෝගිකයා ඇන්දවා තම ලාභය වැඩි කර ගැනීම සදහා කටයුතු කර ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

33,365 views

14 Comments to “ලිට්රෝ ගෑස් පාරිභෝගිකයා ඇන්දවීමක.. ගෑස් මිල රුපියල් 406.50 කින් වැඩි කරලා…”

  1. කැප්පෙටිපොළ says:

    අයින්ස්ටයින්ගෙ වැරදි සංකල්පයක් අලෝක වර්ෂය ගැන
    අයින්ස්ටයින් හිතුවේ කාලය හා අලෝකය අතර සම්බන්ධයක් නමුත් අලෝකය කියන්නෙ නිකන් ස්කන්ධයක් විතරයි. නමුත් ස්කන්ධයකට හිමි අවකාශයක් හා කාලයක් තියෙනවා. එය ඇත්තෙ සුත්‍ර වල නමුත් ඒ නියමිත කාලයට යා හැක්කෙ නියමිත කාලයේ විතරයි. නමුත් අතිතයට පුබ්බේ නිවානුස්සති ඤාණයෙන් බැලිම පොඩි කාලේ ජයාරුපයක් බැලිම වගේ දෙයක්. පොඩිකාලේ විඩියෝ එකක් බැලුවා කියා පොඩි කාලයට යන්න බැ.ඒ වගේම අනාගතය සම්බන්ධ සැකසි ඇති භවය දැකිමත් ජයාරුපයක් බැලිම වගේ දෙයක්. නමුත් එය වෙනස් වන්නෙ කවුරු බැලුවොත්ද එය වෙනස් වන්නෙ නිකන් මිනිහෙක් බැලුවොත් නමුත් අභිඤ්ඤාවලින් බලනවානම් හරියට බලන්න බැ නෙවෙයි පුලුවන් එය ඉර්ධි විසයක්.

    • Love nature says:

      සමස්ථ විශ්ව ක්‍රියාවලියම බුදු දහම තුළ අන්තර්ගත වී ඇත. සර්ව කාලීන පුළුල් විෂය ධාරාවක් ලොව වෙත්නම් නිසැකයෙන්ම ඒ ගෞරවය හිමි විය යුත්තේ බුදු දහමටයි. ලොව පුරා විසිර පවත්නා සියළු ආගම්, අදෘශ්‍යමාන දේව නිර්මාණවාදී සංකල්ප ඉදිරිපත් කොට ඇත. නමුත් මිනිස් චින්තනය ප්‍රබල වන විට, නිර්මාණවාදී ඉගැන්වීම් සියල්ල ප්‍රතික්ෂේප වනු ඇත. විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු වුවත්, නොසැලී සිටින එකම දර්ශනය බුද්ධ දර්ශනයයි. එක් අතකින් සිතන විට විද්‍යාව හා තාක්ෂණය දියුණු වී ඇත්තේ, බුදු දහම ඔප්පු කොට, ඊනියා උගතුන් බුද්ධිමත් කිරීමට නෙවේදැයි සිතේ. අද විද්‍යාව විසින් සොයාගෙන ඇත්තේ, මීට වසර 2500 කටත් පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හැර වෙනකක් නොවන බව, බුදු දහම විමසා බැලීමේදී පැහැදිලිව පෙනේ.

    • Love nature says:

      සමස්ථ ලෝකයම අද විවිධ විද්‍යාත්මක සොයාගැනීම් හා සංකල්ප ඔස්සේ ගමන් කරමින්, ඒ සියල්ලම මිනිසාගේ සුඛ විහරණයට මෙන්ම විනාශ මුඛයට යෙදාගනු පෙනේ. සුඛ විහරණය සඳහාම යොදා ගන්නා නූතන විද්‍යාත්මක චින්තනය, වර්තමානයේදී මෙන්ම අනාගතයේදීද අනිටු විපාක ගෙන දෙන බව පැහැදිලිය. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව, මිනිසාද නොදැනුවත්ව මුළු මානව සංහතියම කරා විනාශය ගෙන එමින් සිටී. බුදු දහමේ උගන්වන යථාර්ථය තුළින්, පිරිසිදු විද්‍යාවක් ගොඩ නඟා, එම පිරිසිදු විද්‍ය‍ාව මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා යොදා ගත යුතුය. පර්යේෂණ සඳහා කාලය, ධනය, ශ්‍රමය කැප කිරීම අවශ්‍ය නැත. මන්ද යත්, සියළු පර්යේෂණ බුදු දහම තුළ අන්තර්ගත නිසාවෙනි. අපට ඉතිරිව ඇත්තේ ප්‍රායෝගිකව අත්හදා බැලීම පමණි.

      • Jepi buster says:

        අමු ගොන් බයියෝ ගෑස් වැඩි වෙනකොට බොරු බන කියනවා 😀 😀 😀

    • කපිල සුරංජිත් says:

      තමන් කැප්පෙටිපොල කියල හිතාගෙන ඉන්න එවුන් ඉන්න ඕන මානසික රෝහලක ප්‍රතිකාර ලබමින්.

  2. Asela Perera says:

    කමක් නැහැ මගේ දෙයියෝ යුද්දේ දින්නනේ! අනෙක අපිට රෙන්න නැතත් ඉන්න රටක් ??????,,,,,,, එක්කෝ ඕනේ නැහැ.

  3. සෙරෙප්පු සුප් says:

    මේ පිළිබඳ සියලු විස්තර ලිට්‍රෝ ගෑස් අලෙවි ප්‍රවර්ධන නිළධාරී දඹර අමිල මහතාගෙන් ලබා ගත හැකිය​.පසුගිය කාලයේ වනවාසීව සිටි ඒ මහතා දැන් නැවතත් කරළියට පැමිණ ඇත.දුරකථන අංක හා ඇඩ්‍රස් නැතත් දුටු තැනකදී අල්ලා ගෙන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ පිළිබඳ විසීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත​.

  4. ගොන් බයියා says:

    අපිටනම් අවුලක් නෑ අපි දර වලින් උයන්නෙ.

  5. නාරිලතා says:

    කෝ ඉතින් පොඩිඩ ඇත්නමි පනික් ද පැනික් ද වෙනවනෙ මෙි ජනතාව. ලීටර් වලින් ගෑස් අරගෙන, කිලෝ මීටර් වලින් ගෙනිහිල්ලා, නැවත කිලෝ වලට හරෝල, රෙගියුලේටරේ දෙපරන්ද අස්සෙ ගහගෙන , ලිපට ගිනිකුර ඇල්ලුවා නමි, පුශ්නය ඉවරනෙ , ලාබයි. අපි තමයි හොඳටම ගෑස් දුන්නෙ.

  6. මම හඳුන්වා දෙනවා නැවතත් තෝපිළාට කුඩු ලිප්.මතකනේ?? නැවත වරක් එතකොට තොපේ ගෙදර ගැහැණුන්ට පුක සුදු වෙනකම් අර දැලි සෝදා සෝදා ඉන්න පුළුවන් ගෑස් ප්‍රශ්නය අහාවරයි නොවැ.

  7. Copycat says:

    මුන් හිතන් ඉන්නෙ මිනිස්සු මෝඩයො කියලා වගේ. මිනිස්සුන්ට ගෑස් නොගෙන ටික කලක් ඉන්න පුලුවන් නම් හොදයි.

Main News